IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාව - පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තබයි

පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දියාව සහ පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තැබුවේය.

මේ ඉදිකිරීම නිසා ඉන්දියානු සීක් වන්දනාකරුවන්ට වීසා නොමැතිව ගමන් කිරීමේ පහසුකම සැලසෙනු ඇත.මෙම ඉදිකිරීම මාස 6ක් ඇතුළත නිමකිරීමට අපේක්ෂා කරයි.

සීක්‌ ආගමික දර්ශනයේ නිර්මාතෘ ගුරු නානක්‌ගේ 550 වැනි උපන්දින සැමරුමට පෙර මෙම සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි.

ඉන්දිය උප ජනාධිපති එම් වෙන්කයියා නයිදු සහ පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය අමරින්ඩර් සිං ඉන්දියාවේ පංජාබ් ප‍්‍රාන්තයේ ගුර්දාස්පූර් ප‍්‍රදේශයේ මාර්ගයකට සදුදා දිනයේදී මුල්ගල තැබූහ.

සීක් බැතිමත්හු දහස් ගණනක් ඉන්දියාවේ සිට වන්දනා කිරීමට පාකිස්ථානය පැමිණෙති.

ඉම්රාන් ඛාන් අගමැති ලෙස දිව්රුම් දීමෙන් පසු අගෝස්තු වල සිදුකළ සංචාරයේදී මෙම බැතිමතුන් මුහුණදෙන ගැටළුව පිළිබඳ අවදානය  යොමුකළේය.

වසර 20කට පසුව ඉන්දියාව කර්තාර්පූර් තීරය ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත්කර ඇත.

කර්තාර්පූර් තීරයේ ඉදිකිරීම ආරම්භ කිරීමෙන් ඉන්දීය වන්දනාකරුවන්ට උදව් වනු ඇතැයි පාකිස්ථානය සහ ඉන්දියාව ගිය සතියේ  නිවේදනයක් නිකුත් කරමින් පැවසූහ.

කර්තාර්පූර්  පාකිස්ථාන - ඉන්දියානු දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති අතර, 1965 සහ 1971 අතර කාලයේදී දෙපිරිස අතර ගැටුම් කිහිපයක් ද ඇති වී තිබේ.

(63226 )



අදහස් (0)

ඉන්දියාව - පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site