
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ‘ඉන්දියාව’ යන නම වෙනුවට, ‘භාරතය’ යන සංස්කෘත නාමය භාවිතයට යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
‘ජී20’ රාජ්‍ය නායක සමුළුව, එලැඹෙන සති අන්තයේ, පැවැත්වෙන්නේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොට ගනිමිනි.
ඊට සහභාගී වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මුගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙයි. ඒ සඳහා ඉන්දීය රජය විදෙස් නායකයන්ට ඇරැයුම්පත් යවා ඇති අතර, ඒවායේ සඳහන් වී ඇත්තේ ‘ඉන්දියාවේ ජනාධිපති’ යනුවෙන් නොව ‘භාරතයේ ජනාධිපති’ යනුවෙනි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ඉන්දියාවේ නම වෙනස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ නිසාය. ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව, නවදිල්ලි අගනුවර පැවැත්වෙන්නේ ලබන 9 වැනිදා සහ 10 වැනිදාය. රාජ්‍ය නායකයන් වෙනුවෙන්, ඉන්දීය ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙන්නේ 9 වැනිදා රාත්‍රියේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ආදී ලොව ප්‍රබල බටහිර නායහකයෝ රැසක් සමුළුවට සහභාගී වෙති.
2025 නොවැම්බර් මස 04
188
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2070
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ නම වෙනස් වෙලා