ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කීපයක මාරක වයිරස උණ රෝගයක් පැතිර යමින් පවතින බවත්, මේ වනවිට කුඩා දරුවන් 50 කට වැඩි ගණනක් ඊට බිලි වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
තද උණ, හිසේ කැක්කුම, හන්දි වේදනාව, විජලනය, පාචනය බහුලව වාර්තා වන රෝග ලක්ෂණ බවත්, ඇතැම් දරුවන්ගේ අත්වල සහ පාදවල රතු බිබිලි හට ගැනීම රෝග ලක්ෂණ යැයි පැවැසෙයි.
වයිරස උණ රෝගයට ගොදුරු වූ කිසිවකු 'කොවිඩ් 19' ආසාදිතයන් නොවන බව ද උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සැක හැර දැනගෙන තිබේ.
වයිරස උණ රෝගය පැතිරීම ආරම්භ වෙද්දී, වෛද්‍යවරුන් අනුමාන කළේ එය ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් බවය. කෙසේ නමුත් රුධිර පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ උණ රෝගය ඩෙංගු නොවන බවය.
මේ වනවිටත් අබිරහස් උණ රෝගය දිස්ත්‍රික්ක 6 ක පැතිර ගොස් ඇති බවත් රෝහල් ළමා වාට්ටු කුඩා දරුවන්ගෙන් පිරී ඇති බවත් වාර්තා වේ. දරුවන් පමණක් නොව, වැඩිහිටියන් ද මෙම උණ රෝගයට ගොදුරු වන නමුත් මරණ වාර්තා වන්නේ කුඩා දරුවන් අතරේ පමණක් යැයි ද පැවැසෙයි.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය ද 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකෑවේය. කෙසේ නමුත්, එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම සහ සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් 'කොවිඩ් 19' වයිරස ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දකින්න ලැබෙන බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීහු පවසති.
මෙම නව උණ රෝගය ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේය. එහෙයින්, උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන් මහත් සේ බියට පත් වී සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
(එන්.ඩී.ටීවී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඉන්දියාවේ දරුවන් අතරේ මාරක වයිරස උණක්
ප්‍රියා Thursday, 02 September 2021 01:52 PM
මුළු ලොව සුවපත් වේවා!