
ඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම අද සිට ආරම්භ විය.
මේ වනවිට ඉන්දියාව පුරා එන්නත් මධ්‍යස්ථාන 1,426 ක් ක්‍රියාත්මක වන අතර, එයින් මධ්‍යස්ථාන 551 ක් දරුවන් සඳහා විශේෂයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවෝ ලක්ෂ 15 ක් එන්නත් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටිති.
ඉන්දියාවේ දරුවන් වෙනුවෙන් එන්නත් වර්ග කීපයකි. කැමැති එන්නතක් තෝරා ගැනීමට හැකියාව තිබේ. ඒ අතර, ලොව පළමු ඩී.එන්.ඒ. වර්ගයේ එන්නත සහ සියයට සියයක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවන ‘භාරත් බයෝටෙක්’ සමාගමේ ‘කොවැක්සින්’ එන්නත තිබේ.
මේ වනවිට යළිත් වරක් ඉන්දියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉහළ යමින් පවතී. ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 33,750 ක් වාර්තා විය.
ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ‘කොවිඩ් 19’ මරණ ගණන 123 කි. මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතිය ද ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී ඇති ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් ගණණ 1,700 පසු කර තිබේ.
මේ අතර ‘කොවිඩ් 19’ බූස්ටර් එන්නත් ලබා දීම ලබන 10 වැනිදා සිට ආරම්භ වෙයි. පළමුවෙන් බූස්ටර් එන්නත ලබා දීම සිදුවන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා සහ ඉදිරිපෙළ සෞඛ්‍ය අංශ සාමාජිකයන් සඳහාය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ දරුවන්ට එන්නත් දීම ඇරැඹේ