IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඉන්දියාව තව වාර්තාවකට සැරැසේ

2028 දී වැඩිම ජනගහනය සහිත රට වීමට ඉන්දියාව සමත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

දැන‍‍ට ලොව වැඩිම ජනගහනයට හිමිකම් කියන්නේ චීනයයි.

2028 දී ඉන්දියාවේ හා චීනය යන දෙරටේ ම ජනගහනය කෝටි 144 ක්  වනු ඇති අතර, එතැන් පටන් ඉන්දියා ජනගහනය දිගටම ඉහළ යන බව  කියයි.

චීනයේ ජනගහනය 2030 සිට අඩුවනු ඇති බවත් ජගත් සංවිධානයේ නවතම වාර්තාවක දැක්වේ.

2050 වන විට ලෝක ජනගහනය කෝටි 960 ක්  වන බවත් වත්මන් ලෝක ජනගහනය හා සැසඳීමේදී මෙය කෝට් 240 වැඩිවීමක් බවද එම වාර්තාවේ දැක්වේ.

සෑම දෙවසරකට වරක් වර්ල්ඩ් පොපියුලේෂන් ඇස්පෙක්ට්ස් නමින් ලෝකයේ ජනගහන නැඹුරුතා පිළිබඳව වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළ කරයි.



අදහස් (0)

ඉන්දියාව තව වාර්තාවකට සැරැසේ

සුපුන් Monday, 17 June 2013 09:41 AM

ලෝකේ දියුණු හැම රටකම ජනගහනේ අඩුවෙන් තියාගන්නේ. නවසිලන්තේ ලංකාව වගේ 50 ගුණයක් විතර ලොකුයි.ඉන්නේ ලක්ෂ 40යි. අපේ වගේ රටවල් ජාතිවාදී නිසා කරන්නේ අර ජාතියේ ගණන අඩුවෙයි මේ ජාතියේ ගණන අඩුවෙයි කියා කියා දරුවන් හදන එක.රට දියුණු කරන්න හිතනවා නම් එසේ නොකරන්න. (නි)

:       0       0

සේන Monday, 17 June 2013 09:44 AM

රටක සංවර්දනයට ආදී ජනගහනය බාදාවකි. භූමි ප්‍රමානෙට සාපේක්ෂව ලංකාවේ ජනගහනය අතිශයින්ම වැඩිය. ඕස්ට්‍රේලියාවේ ප්‍රතිශතය ලංකාවට වැඩිය අඩුය. ඡන්ද ගණනේ අඩුවීමේ ගැටළුව නිසා පාලකයෝ උපත්පාලනයට මිනිසුන් උනන්දු නොකරයි. (නි)

:       0       0

විරසිංහ Monday, 17 June 2013 09:49 AM

භූමි ප්‍රමානයෙන් ලොව විශාලම 1. රුසියාව,2. කැනඩාව,3 .ඇමරිකාව,4 .බ්‍රසිලේ,5. චිනේ,6. ඕස්ට්‍රේලියාව,7. ඉන්දියාව. ජනගහනේ අතින් වැඩිම දැනට 1. චිනය,2.ඉන්දියාව, 3. ඇමරිකාව... ඇමරිකාවේ ජනගහනේ මෙහෙම වෙන්න හේතුව ලක්ෂ 80 නීතිවිරෝධී සංක්‍රමනිකයෝ. (නි)

:       1       0

මහින්ද Sunday, 16 June 2013 09:34 PM

ඔය වැඩිවෙන අය මුස්ලිම් වෙන්න ඇති (අ)

:       0       0

රාණි Monday, 17 June 2013 09:51 AM

ඔය සංචාරක ප්‍රවර්දන වැඩසටහන් අල්ලපු රටේ නොකරන්න. මලයාලි කට්ටඩියෝ,මරාටි ගොවියෝ, රාජස්තාන් රෙදි වෙළෙන්දෝ, තමිල්නාඩු චෙට්ටිලා,අන්ද්‍රා ප්‍රදේශ් මේසෙන් බාස්ලා මෙහෙ එයි සංචාරක විසා වලින්. අන්තිමට වැලේ වැල් නැතිව ඉන්න අපේ ගැනියෙක් දෙන්නෙක් බැඳගන මෙහාටම තොලොන්චිවෙයි.(නදී)

:       0       0

සජිත් Monday, 17 June 2013 01:28 PM

හොඳ දෙයක්. මිනිස්සුන්ට ජීවත් වීමට ඉඩ සලසන එක හොඳයි. මේකෙන් මම හිතන්නේ නැහැ රටට ප්‍රශ්නයක් වේවි කියලා (නි)

:       0       0

ජීවන් Sunday, 16 June 2013 03:57 PM

ඉන්දියාව කොමියුනිස්ට් රටක් නොවන නිසාම චිනේ වගේ ගබ්සාව අනිවාර්‍ය කිරීමක් කවදාවත් කල නොහැකි වේවි. තියන ප්‍රස්න තව වැඩි වෙනවා පමණක් නොව අප වැනි ලග පාත රටවලටද මේ රටෙන් නිතර සරණාගතයෝ පැමිණේවි. අන්න ඒ කරුම දෝසෙන් බේරෙන්ට මගක් අපිට හොයන්ට වෙනවා.(නදී)

:       0       0

සජිත් Monday, 17 June 2013 01:43 PM

මහින්ද ඔබ හරි. අපේ කට්ටිය ඉතින් භයයි වැඩියෙන් හදාගන්න (නි)

:       0       0

උපාලි Monday, 17 June 2013 06:43 AM

ලෝකේ හැම රටකම චීන ජනතාවක් ඉන්නවා. චයිනා ටවුන් කියල ප්‍රදේශ පවා නම් කරලා තියෙනවා. නමුත් ඔවුන් ජනගහන පාලනයට දැඩි උත්සාහයක් දරනවා. එක දරුවෙක් පමණයි වැනි ප්‍රතිපත්ති මගින්. කතාවටත් කියන්නේ ලෝකේ උපදින සෑම දරුවන් හතරකින් එක්කෙනෙක් චීන කියලනේ. චීනේ තියෙන්නේ 'ජනගහන පිපිරීමක්. ජීවන්, ඇසල කියනවා වගේ මේ තත්වය ඉන්දියාවට ලැබුනොත් නම් අපට තමයි තමයි කරගහන්න වෙන්නේ. (නි)

:       0       0

තිලා Monday, 17 June 2013 07:28 AM

දැන් එතකොට චීනේ ළමයි හදන්නේ නැතිව නවත්තලද ඉන්නේ දන්නේ නෑ නේද? හරියටම එහෙම කියන්නේ යූ.එන් එකද ඉන්දියාවේ ළමයි හදන්නේ? විකාර.(නදී)

:       0       0

සංජු Monday, 17 June 2013 11:07 AM

ඉන්දියානුවෝ කිසීම පතිපත්තියක් නැති මිනිස්සු...ඉස්සර තිබුන ඉන්දියාව නෙමේ දැන් තව ඉස්සරහට මොනවා වේවිද දන්නේ නැහැ...(ස)

:       0       0

දයා අළහකෝන් Sunday, 16 June 2013 06:21 PM

අපේ අය වගේ නෙමෙයි. ඉන්දියන් කාන්තාවෝ උද්යෝගිමත් (නි)

:       0       0

ඇසල Sunday, 16 June 2013 07:46 PM

ලගම තියන රට වශයෙන් අපිට තමයි කරදරේ. මොකද මුන් පකිස්ථානයටවත්, බංගලි දේශයටවත් යන්නේ නැහැ. ඒ රටවල් වල බාරගන්නේ නැති නිසා. එන්න බලාගෙන ඉන්නේ අපිවම කන්න තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1101 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1125 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site