IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඉන්දියාව ‘ටික් ටොක්’ ඇතුළු මෘදුකාංග 59ක් තහනම් කරයි

ජනප්‍රිය මෘදුකාංගයක් වන, 'ටික් ටොක්' ඇතුළු තවත් චීන මෘදුකාංග 59ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

මෙම මෘදුකාංග ඉන්දියාවේ ස්වෛරීභාවයට තර්ජනයක් බවද, ප්‍රාන්තවල සහ මහජනයාගේ ආරක්ෂාවට හානිකරවනසුලු බවද ඉන්දීය රජය ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටී.

ජනප්‍රිය මෘදුකාංගයක් වන 'වීචැට්' මෘදුකාංගය ද ඉන්දීය රජය තහනම් කර ඇත.

පාරිභෝගිකයන්ගේ දත්ත අනිසි ආකාරයෙන් යොදාගනිමින් සහ සොරාගනිමින් සිටින බවට විවිධ පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම මෘදුකාංග තහනම් කළ බව ඉන්දීය තොරතුරු සහ තාක්ෂණ අමාත්‍යංශය පවසයි. මෙය අතිශය බැරෑරුම් තත්වයක් බවද, ක්ෂණිකව පියවර ගත යුතුව තිබූ බැවින් තහනම් කළ බවද අමාත්‍යංශය සඳහන් කරයි.

ටික්ටොක් වීඩියෝ නිපදවන සමාගමෙහි මව් සමාගම වන බයිට් ඩාන්ස් ආයතනයේ ප්‍රධාන ශාඛාව පිහිටා ඇත්තේ, චීනයේ බීජිං නුවරය. එම මෘදුකාංගය ලොව පුරා ව්‍යාප්තවීමට පෙර චීන වෙළඳපොළෙහි පළමුව පැතිරගොස් තිබිනි. ඉන්දියාව වනාහි ටික්ටොක් මෘදුකාංගයට මිලියන 120ක පමණ පාරිභෝගිකයන් සිටින විශාලතම විදේශීය වෙළඳපොළයි.

ටික්ටොක් වීඩියෝ, ජනප්‍රියවීමත් සමඟ පාරිභෝගිකයන්ගේ දත්ත සූක්ෂමව චීනය වෙත යැවෙන බවට වූ චෝදනාවකට ලක්වීමට ද එම සමාගමට සිදුවිය. එම චෝදනා කළ පිරිස අතර බහුතරය ඇමරිකාවේ වූ අතර,  එම ආයතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමටද ඇමෙරිකාවෙන් පිරිස කැඳවා තිබිනි. කෙසේවුවත් ටික්ටොක් මෘදුකාංගය නිපදවූ ආයතනය එම චෝදනා සෘජුව ප්‍රතික්ෂේප කළේය.

ඉන්දියාවේ මෙම පියවර සම්බන්ධයෙන් චීනය දැඩි අවධානය යොමු කර ඇත. මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය සොයාබලන බවද, චීනයේ  විදේශීය අමාත්‍යයේ ප්‍රකාශකයකු වන ෂාඕ ලීජැයෑන් මහතා පැවසීය. චීනයේ වානිජ කටයුතු සම්බන්ධයෙන් පවත්නා අයිතීන් පිළිබඳව ඉන්දියාවට වගකීමක් ඇති බවද ඔහු සඳහන් කළේය.

(බීබීසි ඇසුරිනි)
16844



අදහස් (3)

ඉන්දියාව ‘ටික් ටොක්’ ඇතුළු මෘදුකාංග 59ක් තහනම් කරයි

Tikka Tuesday, 30 June 2020 10:49 AM

ලංකාවේත් ‘‘ටික් ටොක්‘‘ තහනම් කරන්න. අපේ ගැහැණු ළමයි ටික බේරගන්න... ඊළඟට ඉන්නේ ‘‘ඉන්ස්ටර්ග්‍රෑම්‘‘

:       0       21

AsankaWednesday, 01 July 2020 06:21 AM

සහතික ඇත්ත.., ඉන්දියාව කියන්නේ ලෝකයේ අන්තර්ජාල භාවිතා කරන්නන් ගැන 2/3ක් ම ඉන්නේ ලොකුම වෙළඳපල... එම රජය හොඳට හිතලා බලලා තමයි මේ තීරණේ ගත්තේ. මේක සමාජ ව්‍යවසනයක්.. සියලු සාර්ක් රටවල් මෙය අනුගමනය කළ යුතුයි.

:       0       0

Bamunuarachchi Thursday, 02 July 2020 02:03 PM

අපේ රටේ "ෆේස් බුක්" තහනම් කරනවා නම් බොහොම හොඳයි. අපි ඕවා නැතුව හොඳට ජීවත් වුණානේ. එකිනෙකාගේ මුහුණු බලලා සිනා වුණානේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site