දකුණු ඉන්දියාවේ ගිණිකෙළි කර්මාන්ත ශාලාවක පෙරේදා (5) රාති‍්‍රයේ හටගත් ගින්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වන බව තමිල්නාඩු ප‍්‍රාන්ත රජය පවසයි. ගින්නට 38 දෙනකු බිලිවූ අතර 40 දෙනකු තුවාල ලැබූ බව ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය ද බරපතළ යැයි වාර්තා වේ. ගිනිකෙළි කර්මාන්තශාලාවේ සිදුවූ හදිසි පිපිරීමකින් අනතුරුව ගින්න හටගත් බවත් ඊට බිලිවූවන්ගෙන් බොහොමයක් ප‍්‍රදේශවාසීන් බවත් එම ස්ථානයට පැමිණි ගිනිනිවන භටයෙක් පැවැසීය. ඉන්දියාවේ ගිනිකෙළි කර්මාන්ත ශාලා වැඩි ප‍්‍රමාණයක් පිහිටා ඇති චෙන්නායි නුවරට කිලෝමීටර් 700 ක් දුරින් පිහිටි සිවකාසි නගරයේය. පිපිරීම සිදුවූ මෙම කර්මාන ශාලාව ද පිහිටා ඇත්තේ එහිය. කර්මාන්ත ශාලාවේ ස්වයකී‍්‍රය ගිනි නිවිමේ පද්ධතියක් ස්ථාපිත කර තිබුණ ද එය ගින්න හටගත් අවස්ථාවේදී කි‍්‍රයාත්මක නොවූ බව සේවකයෝ චෝදනා කරති. පිපිරීම සිදුවන විට කර්මාන්ත ශාලාවේ සේවයකයෝ 200 දෙනෙක් සිට ඇත.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ ගිනිකෙළි කම්හල් ගින්න ගැන පුළුල් පරීක්ෂණ
සුසිල් Friday, 07 September 2012 10:42 AM
තමිල්නාඩුවේ අය නිසයි විපත් වෙන්නේ...(ස)