IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 95 දක්වා ඉහළට


ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 95ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සුවය ලැබූ ගණන ලක්ෂ 89ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (4) නිවේදනය කළේය.

ඒ අනුව ඉන්දියාවේ සුවය ලැබූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ප්‍රතිශතය 94%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අවසන් පැය 24 දී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 36,604ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 94,99,413ක් දක්වා ඉහළ ගියේය. ඉන්දියාවෙන් අවසන් පැය 24දී වයිරස ආසාදිත මරණ 501ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස අසාදිත මරණ ගණන 1,38,122ක් දක්වා ඉහළ ගියේය.

ඉන්දියාවේ නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 89,32,647ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඒ අනුව එරට වයිරස ආසාදනය වී සුවය ලබන්නන්ගේ ප්‍රතිශතය සියයට 94.03ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය සියයට 4.51කි.

ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ පහට අඩු මට්ටමක පවතින අතර රෝහල්වල ප්‍රතිකාර ලබන වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන ලක්ෂ පහ අඩු අගයක අඛණ්ඩව පැවැති 22 වැනි දිනය මෙය වේ.

ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට අනුව මේ වනවිට කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 14,24,45,949කි. ඉන්දියාව දෙසැම්බර් 1 වැනිදා පමණක් කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 10,96,651කි.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)

055



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 95 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site