මේ වනවිට ඉන්දියාවේ කෝටි 35 කට වැඩි පිරිසකට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන් බවත්, එම පිරිස අතරින් කෝටි 10 ක් අවුරුදු 18 ත් 44 ත් වයස් කාණ්ඩයේ පසුවන අය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පසුගිය සෙනසුරාදා දිනයේ පමණක් ලක්ෂ 62 කට එන්නත් ලබා දුන් බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.
උත්තර ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, තමිල්නාඩු, බිහාර්, ගුජරාඨය, කර්ණාටක සහ මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්තවල එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ලක්ෂ 50 කට වැඩි පිරිසක් සිටින බව ද සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ අතර 'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙන් රට වසා දැමීමට පියවර ගත් බැවින් ඉන්දීය ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමකට ලක් වී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ආර්ථිකයට එල්ල වුණු බලපෑම පහව යෑමට නම් වසර ගණනක් ගතවනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
(ඉන්දීය පුවත් සේවා)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉන්දියාවේ එන්නත්කරණ කටයුතු ඉක්මන් වෙයි