අඛණ්ඩව හයවැනි මසටත් ඉන්දියාවේ උද්ධමනය ඉහළ ගිය අතර 2016 වසරේ ජනවාරි මාසයෙන් පසුව මෙතරම් දීර්ඝ කාලයක් ඉන්දියාවේ උද්ධමනය අඛණ්ඩව ඉහළ ගිය පළමු අවස්ථාවද මෙය යැයි වාර්තා විය.
රොයිටර් පුවත් සේවය කරන ලද විමසීමකට අනුව මාස නවයකට පසු ඉහළම උද්ධමනයක් වාර්තා කළ අවස්ථාවද මෙය විය. ආහාර මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම මෙලෙස උද්ධමනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
උද්ධමනය ඉහළ ගිය ද ඉන්දීය මහ බැංකුවේ සියයට 4ක මධ්‍යකාලීන ඉලක්කය හේතුවෙන් ලිහිල් ප්‍රතිපත්ති සඳහා ඉඩ සැලසෙනු ඇතැයි පැවසේ.
ආර්ථික විද්‍යාඥයන් 30 දෙනකු සම්බන්ධ කරගනිමින් රොයිටර් පුවත් සේවය මෙම විමසීම කර තිබේ. ජූලි 31 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා කාලයේදී මෙම විමසීම් කර තිබේ. ඒ අනුව ජූලි මාසයේදී උද්ධමනය සියයට 3.20ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ජූනි මාසයේ උද්ධමනය සියයට 3.18ක් ලෙස සටහන්ව ඇත.
ආහාර මිල ගණන් ඉහළ යෑමට අමතරව ඉන්ධන පිරිවැය ඉහළ යෑම ද උද්ධමනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ආහාර සහ ඉන්ධන යන ඉන්දියාවේ පාරිභෝගික මිල දර්ශකයේ ප්‍රධාන අංගය. පසුගිය මාස දෙකක කාලයේදී අපේක්ෂා කළ පරිදි මෝසම් වැසි නොලැබීම ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු විය.
රොයිටර් ඇසුරිනි
055
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ උද්ධමනය ඉහළට
kris Thursday, 08 August 2019 03:43 AM
දැන් මේ පිළිබඳව බන්දුල ගුණවර්ධනට මොනවද කියන්න තියෙන්නේ?
sandy123Thursday, 08 August 2019 07:25 AM
ඉන්දියානු රුපියල් 500කින් මාසයක් ඉතා සතුටින් තුන් වේලක් පවුලක් කන හැටි කියලා දේවි...