IMG-LOGO

ඉන්දියාවේ ඉහළ පෙළේ දේශපාලනඥයෙක් සිරගෙට

ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයේ හිටපු සභාපතිවරයකු වූ බංගාරු ලක්ෂ්මන් අල්ලස් චෝදනාවක් මත පෙරේදා (28) එරට අධිකරණයක් මගින් සිවු වසරක සිර දඬුවමකට යටත් කරනු ලැබීය. මෙම දඬුවම පනවන ලද්දේ මෙයට වසර 11 කට පෙර ඔහු කළ වරදක් වෙනුවෙනි. ඔහු අල්ලස් ලබා ගනිද්දී මාධ්‍යවේදියෙක් එම සිද්ධිය රූගත කළේය. එම වීඩියෝ රූප රාමු පසුව ප‍්‍රසිද්ධියට පත් කෙරුණු අවස්ථාවේදී එවකට අගමැතිව සිටි අතල් බිහාරි වජ්පායිගේ රජය ඉහමත් දුෂ්කරතාවට පත්විය. බංගාරු ලක්ෂ්මන්ට (72) බරපතළ වැඩ සහිත සිරදඬුවමට අමතරව රුපියල් 100,000 ක දඩයක් ද නියම කර ඇත. ඉන්දියාවේ වත්මන් රජයට ද මේ වනවිට දූෂණ චෝදනා එල්ල වෙමින් පවතින අතර දූෂණ තුරන් කිරීමට අධිකරණ මහත් වෙහෙසක් දරයි. නීති මගින් කටයුතු කරමින්, දැඩි දඬුවම් පමුණුවමින්, දූෂණ පිටුදැකීමට උපරිම උත්සාහයක් ගන්නා බව   බංගාරු ලක්ෂ්මන්ට දඬුවම් නියම කරමින් නවදිල්ලි අපරාධ අධිකරණ විනිසුරු කන්වලිජීත් අරෝරා පවසා ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

ඉන්දියාවේ ඉහළ පෙළේ දේශපාලනඥයෙක් සිරගෙට

නෙල්සන් Monday, 30 April 2012 06:48 PM

අපේ රටේ වගේම තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 95 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site