ඇෆ්ගනිස්තානයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් පවසයි.
ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් ව යෑමත් සමඟ එරට තුළ තලේබාන් ක්‍රියාකාරකම් වැඩි වී තිබෙන අතර ප්‍රචණ්ඩත්වය ද ඉහළ ගොස් තිබේ.
ඇෆ්ගනිස්තානයේ තත්ත්වය මේ වනවිට කලාපීය ආරක්ෂාවට ද තර්ජනයක් වී තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යාවරයා මොස්කව් නුවර දී ඉකුත් දා රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් හමුවිය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ එහිදී ය.
තලේබාන් සංවිධානය යනු සුන්නි මුස්ලිම් කැරැලිකාර සංවිධානයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා රටවල් කිහිපයක්ම තලේබාන් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.
ඇෆ්ගනිස්තානයේ සියයට 85ක බලය ඇත්තේ තමන් සතුව යැයි තලේබාන් සංවිධානය සිකුරාදා ප්‍රකාශ කළේය.
වසර 20 ක යුද ගැටුම්වලින් පසු සිය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීමට ඇමෙරිකාව මේ වනවිට පියවර ගෙන ඇත.
ඊට අමතරව අනෙක් විදේශීය හමුදා ද මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් ඉවත් ව ගොස් ඇත.
නවදිල්ලියේදීය (රොයිටර්ස්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉන්දියාව ඇෆ්ගනිස්තානය ගැන විමසිල්ලෙන්