IMG-LOGO

ඉන්දියාවේ ‘අග්නි 5’ මිසයිලය අත්හදා බැලීම් සාර්ථකයි

ආසියාවේ  ඕනෑම රටකට පහර දිය හැකි අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට ඉන්දියාව ඊයේ (19) සමත් විය. ‘අග්නි 5’ යනුවෙන් නම් කළ එම දිගු දුර මිසයිලයේ අත්හදා බැලීම් සිදු කිරීමට නියමිතව තිබුණේ පෙරේදා (18) ය. එහෙත් අයහපත් කාලගුණය ඊට හරස් විය. ඒ අනුව ඊයේ උදෑසන ඔරිස්සා ප‍්‍රාන්තයට අයත්, වීලර් දිවයිනේදී මිසයිලය අත්හදා බැලූ බවත් එය ඉතා සාර්ථක වූ බවත් ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය පවසයි. මිසයිලයේ සාර්ථකත්වය ගැන ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සංවර්ධන ආයතනයට ප‍්‍රශංසා කර ඇත. ‘අග්නි 5’ මිසයිලය නිර්මාණය කළේ එම ආයතනයයි. මිසයිලය අත්හදා බැලීමෙන් පසු ඉන්දීය ආරක්ෂක ඇමැති ඒ.කේ. ඇන්තනී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ‘අග්නි 5’ මිසයිලයේ සාර්ථකත්වය ඉන්දීය මිසයිල වැඩසටහනේ සන්ධිස්ථානයක් බවය. මීට පෙර නිර්මාණය කළ අග්නි මිසයිල මෙන් නොව ‘අග්නි 5’ මිසයිලයට න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන කිලෝ මීටර් 5,000 කට වැඩි දුරක් යා හැකිය. එහි බර ටොන් 50 කි. ‘අග්නි 5’ මිසයිලය අත්හදා බලන බව ඉන්දියාව ප‍්‍රකාශ කළ අවස්ථාවේදී ඒ ගැන වඩාත් උන්නදුවක් දැක්වූයේ අසල්වැසි චීනයයි. පාකිස්තානයද මිසයිල අත්හදා බැලීම ගැන විමසිලිමත් වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය. මේ අයුරින් එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිල ඇත්තේ චීනය, ඇමෙරිකාව, ප‍්‍රංශය, රුසියාව, මහා බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලයට පමණි.



අදහස් (0)

ඉන්දියාවේ ‘අග්නි 5’ මිසයිලය අත්හදා බැලීම් සාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 49 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 227 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site