
‘වඳුරු උණ’ (මංකිපොක්ස්) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ.
තරුණයාගේ මරණය සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, තරුණයා ‘වඳුරු උණ’ (මංකිපොක්ස්) ආසාදිතයකු බව තහවුරු වුවහොත්, ඉන්දියාවෙන් වාර්තා වන පළමු ‘වඳුරු උණ’ මරණය මෙය වනු ඇත.
තරුණයාගේ මරණය සැලවුණු සැණින්, කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිනී වීනා ජෝර්ජ් මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශණයක් වහා සිදු කරන්නැයි උපදෙස් දුන්නාය. ඒ අනුව, මියගිය තරුණයාගේ පටක සාම්පල පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
මෙම තරුණයා විදේශගතව සිට කේරළයට පැමිණි අයකු වන අතර, ඔහුට ‘වඳුරු උණ’ ආසාදනය වූයේ නම් එය සිදුවන්න ඇත්තේ විදේශගතව සිට පැමිණෙන අතරතුරේ බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
ඉන්දියාවෙන් මේ දක්වා ‘වඳුරු උණ’ ආසාදිතයන් සිවු දෙනකු හමුවී ඇති අතර පළමු වඳුරු උණ ආසාදිතයා පූර්ණ සුවය ලබා සිටින බව ද පැවැසෙයි.
‘වඳුරු උණ කියන්නේ මාරන වයිරසයක් නොවෙයි. එය මාරක වන්නේ ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ටයි. එසේ වන්නේ වයිරසය හේතුවෙන් හටගන්නා සංකූලතා නිසයි.’ යැයි ද සෞඛ්‍ය ඇමැතිනිය මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
‘වඳුරු උණ’ හෙවත් ‘වඳුරු පැපොල’ අප්‍රිකාවට පමණක් සීමා වූ ඉතා වේගයෙන් බෝ වන වයිරසයකි. මෙය පැපොල සහ වසූරිය අතරමැද තත්ත්වයක් වන අතර වසූරිය සඳහා නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් ‘වඳුරු උණ’ අඩපණ කළ හැකිය.
‘වඳුරු උණ’ වයිරසය ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කරමින් මේ වනවිට රටවල් 78 කට ව්‍යාප්ත වී ඇති අතර ආසාදිතයන් 18,000 කට වැඩියෙන් වාර්තා වී තිබේ. ඇමෙරිකාවේ කැලිෆෝනියා සහ නිව්යෝක් යන නගර ද ‘වඳුරු උණ’ හේතුවෙන් හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කර තිබේ.
අප්‍රිකාවෙන් පිට ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙන් ‘වඳුරු උණ’ මරණ ද වාර්තා වෙයි. ඒ, ස්පාඤ්ඤයෙන් මරණ දෙකක් සහ බ්‍රසීලයෙන් එක් මරණයක් ආදී වශයෙනි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්?
sharm warn Monday, 01 August 2022 11:14 AM
අපෙත් ඉන්නවා වඳුරන් 222 ක් දියවන්නාවේ. වැඩේම එහෙටයි, මෙහෙටයි පනින එක.. ඔවුන්ට නම් මොන එන්නතක්වත් හරියන්නේ නැහැ... ඡන්ද එන්නතක් තමයි වැඩකළොත් ඉතින්...