IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඉන්දියාවට මහ වැසි: ගංවතුරින් 18 ක් මරුට

ඇදහැලෙන මහ වැසි හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසක් ඊයේ (12) ජලයෙන් යටවූ අතර ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි විය. ජල ගැලීම් සහ නායයෑම්වලට හසුවීමෙන් මියගිය ගණන 18 කි. ජල ගැලීම් සහ නාය යෑම් හට ගත්තේ මෝසම් වැසි සමයත් සමඟ අධික වර්ෂාපතනයක් ඇතිවීම නිසා යැයි ඉන්දීය කලගුණ විද්‍යා ඒකක නිවේදනය කරයි. ජල ගැලීම්වලින් වැඩිපුරම හානි සිදුවී ඇත්තේ ඔරිස්සා ප‍්‍රාන්තයටය. ඔරිස්සා ප‍්‍රාන්ත බලධාරීන් ප‍්‍රකාශ කරන අන්දමට මේ වනවිට ගම්මාන 877 ක් මුළුමනින්ම ජලයෙන් යට වී තිබේ. තවත් ගම්මාන කිහිපයක් ජලයෙන් යට වීමේ අවදානමක් පැවැති හෙයින් 50,000 ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරවීමට බලධාරීහු පියවර ගත්හ. ජල ගැලීම්වලට හසු වීමෙන් පුද්ගලයන් සය දෙනකු අතුරුදන්ව ඇති බවත් ඔවුන් සෙවීමේ මෙහෙයුම් ඊයේ දවස පුරාම පැවැත්වූ බවත් වාර්තා විය. අධික වර්ෂාව එම සහන සේවා මෙහෙයුම්වලට බාධාවක් වූ බව ඔරිස්සා ප‍්‍රාන්ත බලධාරීහු පැවැසූහ.



අදහස් (0)

ඉන්දියාවට මහ වැසි: ගංවතුරින් 18 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site