ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං පෙරේදා (17) රුසියාවට පැමිණි අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට ඉන්දියාව දරන ප‍්‍රයත්නයට තම පූර්ණ සහාය ලබා දෙන බව රුසියා ජනාධිපති දිමිති‍්‍ර මෙඞ්වදේව් පොරොන්දු වූයේය. අගමැති සිංගේ එම රුසියා සංචාරය ඉන්දියාවටත් රුසියාවටත් ඉතා හොඳ ප‍්‍රතිපල රැුසක් අත්කර දුන් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට ඉන්දියාව කලක සිට උත්සහ දරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් පහළොස් දෙනකු සිටින අතර ඔවුන් අතරින් නිත්‍ය සාමාජිකයන් වන්නේ ඇමෙරිකාව, රුසියාව, චීනය, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යයයි. ඉන්දියාව පමණක් නොව ආරක්ෂක මණ්ඩලයේ සෙසු රටවල් දහය ද නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටියි. නිෂේධ බලය හිමි වන්නේ නිත්‍ය සාමාජිකයන්ට පමණි. ඉන්දියාවට නිත්‍ය සාමාජිකත්වය හිමිවීම මුළු මහත් ආසියා කලාපයටම ඉතා වැදගත් වනු ඇතැයි රුසියා ජනාධිපති දිමිත‍්‍රි මෙඞ්වදේව් පවසයි.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ගන්න රුසියාවේ සහාය