තෙරපීමක් සිදුවී 133 දෙනකු මියගිය, ඉන්දුනීසියාවේ මලංග් නගරයේ කංජුරුහාන් පාපන්දු ක්‍රීඩාංගනය කඩා දැමීමට තීරණය කළ බව ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.
ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ හමුවුණු අවස්ථාවේදීය. හමුව පැවැත්වූයේ ජකර්තා අගනුවරදීය.
මලංග් පාපන්දු ක්‍රීඩාංගනය, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රමිතීන්වලට අනුව ඉදි කර නැති බව, තෙරපීම සම්බන්ධයෙන් පැවැත්වුණු විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.
ඒ අනුව, ක්‍රීඩංගනය කඩා දමා එය නිසි පරිදි යළි ඉදි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති විඩෝඩෝ, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ හමුවේ පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ඉන්දුනීසියාව බලා ගියේ, තෙරපීම සිදුවුණු අයුරු සම්බන්ධයෙන් පැවැති විමර්ශන කටයුතු ගැන සොයා බැලීමටය.
පසුගිය ඔක්තෝබර් දෙවැනි දා මලංග් නගරය නියෝජනය කරන ‘අරේමා මලංග්’ පාපන්දු කණ්ඩායම සහ ආගන්තුක ‘පර්සේබයා සුරාබායා’ කණ්ඩායම අතර තරගය කංජුරුහාන් ක්‍රීඩංගනයේ පැවැත්විණි.
ඒ, ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියක් යටතේය. නරඹන්නන් 38,000 කට පමණක් ඉඩකඩ ඇති කංජුරුහාන් ක්‍රීඩංගනයට රැස්ව සිටි පිරිස 42,000 කට වැඩි වූ බවත්, ප්‍රවේශපත් සියල්ල අලෙවි වී අවසන් වී තිබුණු බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
‘අරේමා මලංග්’ කණ්ඩායම පරාජයට පත් වූ අවස්ථාවේදී, ‘අරේමා මලංග්’ ක්‍රීඩා ලෝලීන් කලහකාරීව හැසිරෙමින්, පාපන්දු ක්‍රීඩකයන්ට සහ විනිසුරුවරුන්ට පහර දෙන්න විය. දේපොල හානි සිදු කරන්න විය. තෙරපීම හටගත්තේ කලහකාරීව හැසිරුණු එම ක්‍රීඩා ලෝලීන්ට පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමට යෑමේදීය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දුනීසියා පාපන්දු ක්‍රීඩාංගනය කඩා දැමේ