IMG-LOGO

ඉදිරි දින කීපයේදී ඉරානය ගැන තීරණයක් ගන්නවා - ට්‍රම්ප් කියයි

ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සියල්ල සූදානම් නමුත්, ප්‍රහාරයක් එල්ල කරනවාද නැද්ද සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තීරණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

ට්‍රම්ප් මේ වනවිට ඉරානයට යටත් වන්නැයි අණ දී ඇති අතර, ඉරානය එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඊට අමතරව, ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට තමන් උපරිම අයුරින් සහාය දෙන බව ද ට්‍රම්ප් පවසා ඇත.

මේ අතර, ඉරානය සහ ඊශ්‍රායලය අතර සතියකට වැඩි කාලයක් පවතින යුද ආරවුල මධ්‍යයේ, දෙපාර්ශ්වයෙන්ම දිගින් දිගටම ප්‍රහාර හුවමාරු කරගනිමින් සිටී. විදෙස් වාර්තා පැවැසුවේ, ඊශ්‍රායලය ඉරානයේ ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට පහර දී විනාශ කළ බවය.

ඊශ්‍රායලය මෙසේ ඉරානයේ ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට පහර දී විනාශ කළේ, ඉරානයෙන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ බීර්ෂෙවා නගරයේ සොරෝකා වෛද්‍ය මධ්‍යස්ථානයට හානි සිදුවීමත් සමඟය.

ඉරාන ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පිහිටි ස්ථානයේ, ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය සක්‍රීය කර ඇති බවත් එය ද ඉලක්ක කරගනිමින් තමන් පහර දුන් බවත් ඊශ්‍රායලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඉදිරි දින කීපයේදී ඉරානය ගැන තීරණයක් ගන්නවා - ට්‍රම්ප් කියයි

Kadun Friday, 20 June 2025 09:20 AM

3 වන ලෝක යුද්ධය

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site