IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉතාලි නාවික භටයන් කේරළ ධීවරයන්ට වෙඩි තැබීම: පරීක්ෂණ කටයුතු ජාතික ආරක්ෂක ඒජන්සියට පැවැරේ

කේරළ ධීවරයන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ නාවික භටයන් දෙදෙනා යළි ඉන්දියාවට බාර දීමට ඉතාලි රජය පියවර ගැනීමත් සමඟ, එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ඉන්දීය ජාතික පරීක්ෂණ ඒජන්සියට පැවැරිණි.
ඉන්දීය ජාතික පරීක්ෂණ ඒජන්සියට පැවැරී ඇත්තේ එම වෙඩි තැබීම සිදුවෙද්දී, කේරළ ධීවරයන් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිස සිටියේ ද කියාත්, ඉතාලි නැව ඉන්දීය මුහුදු සීමාවට පිවිස සිටියේ ද කියාත් සැක හැර දැන ගනීමටය.
නාවික භටයන් දෙදෙනා මුල්කොට ගනිමින්, ඉන්දියාවත් ඉතාලියත් අතර රාජ්‍යතාන්ති‍්‍රක අර්බුදයක් හටගත්තේ ඉකුත් වසරේය. ඒ, ඉතාලි තෙල් නැවක ආරක්ෂාවට සිටි එම නාවික භටයන් දෙදෙනා සෝමාලියානු මූදු කොල්ලකරුවන් යැයි වරදවා වටහාගෙන දකුණු ඉන්දියාවේ කේරළයේ ධීවරයන් පිරිසකට වෙඩි තැබීමය. ධීවරයන් දෙදෙනා මියගියේ එවිටය.
ඉතාලි තෙල් නැව සහ නාවික භටයන් දෙදෙනා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් හරහා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් විය. දෙදෙනාට මිනීමැරුම් චෝදනා එල්ල විය. එම සිදුවීම සම්බන්ධයෙන් නඩු විභාගයක් ද ඇරැඹුණි.
පසුගිය වසර අවසානයේ ඉන්දියාවේ ඉතාලි තානාපති ඩැනියෙල් මැන්සේනීගේ මැදිහත් වීමෙන් මැසිමිලානෝ ලැටොර් සහ සැල්වටෝර් ගිලෝර් නමැති එම නාවික භටයන් දෙදෙනාට මාසයක කාලයකට පමණක් යළි ඉතාලියට යෑමට අවසරයක් හිමි විය. ඒ, ඉතාලි මැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහාය.
එම නාවික භටයන් දෙදෙනා ඉතාලියට ගියත් ඔවුහු ආපසු ඉන්දියාවට ඒම ප‍්‍රතික්ෂේප කළහ. ඉතාලි රජය පසුගියදා ඔවුන්ගේ ඉන්දීය තානාපති හරහා ඉන්දියානු රජයට දැනුම් දුන්නේ එම දෙදෙනා යළි ඉන්දියාවට නොපැමිණෙන බවය.
එයින් කෝපයට පත් ඉන්දීය රජය ඉතාලි තානාපති මැන්සේනී කැඳවා ඔහුට තම විරෝධය පළ කර සිටියා පමණක් නොව, නොතීසි නිකුත් කරමින් ඔහුට රටින් බැහැරවීම ද තහනම් කළේය. මීළඟ නඩු දිනයට ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීමට ද නියෝග කෙරුණි.
කෙසේ නමුත් අවසානයේදී එම නාවික භටයන් දෙදෙනා යළි ඉන්දියාවට බාර දීමට ඉතාලි රජය කටයුතු කළේය. ඉතාලි රජය ගත් එම තීරණයට විරෝධය පා ඉතාලි විදේශ ඇමැති ගූලියෝ ටර්සි ද ධුරයෙන් ඉල්ලා අස්වූයේය.
නාවික භටයන් දෙදෙනා ඉන්දියාවට බාර දීමට රජය ගත් තීරණය ගැන මාගේ පැහැදීමක් නැති බවත්, රජය සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතු සිදුවන අයුරු ගැන ද මාගේ පැහැදීමක් නැති බවත් ගූලියෝ එම අවස්ථාවේදී කියා සිටියේය.
ඉතාලි ධීවරයන් දෙදෙනා යළි ඉන්දියාවට එවීමට ඉතාලි රජය තීරණය කිරීම ප‍්‍රසංශනීය බවත් එය දෙරටේ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා සහ විශ්වාසය තහවුරු කිරීමට හේතු වූ බවත් ඉන්දීය රජය කියා සිටියේය.



අදහස් (0)

ඉතාලි නාවික භටයන් කේරළ ධීවරයන්ට වෙඩි තැබීම: පරීක්ෂණ කටයුතු ජාතික ආරක්ෂක ඒජන්සියට පැවැරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site