IMG-LOGO

ඉතාලි ගුවන් නියමුවා වීරයෙක්

පසුගිය සෙනසුරාදා මගින් 165දෙනෙකුගෙ ජිවිත බේරාගත් ඉතාලි ජාතික ගුවන් නියමු ජන්ලුකා රෙබෙත්ති මර්තින් වීරත්වයට පත්වෙමින් සිටින බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා ගුවන් නියමු සංගමය ද  ඔහුට සුබපැතීය. ජන්ලුකා මර්තින් මෙසේ කියයි. හංගේරියාවේ විෂ් ගුවන් සමාගමට අයත් එයාර් බස් 320 යානය බුකරස්ට් නුවර සිට චින්පිනෝ ගුවන් තොටුපලට රැගෙන ඒම මට පැවරුණා.

නියමිත වේලාවේදී යානය පහත් කරන්න රෝද ක්‍රියාත්මක කළා. වම් පස රෝදය ක්‍රියාත්මක උනේ නැහැ.ගුවන් පාලක මැදිරියෙන් උපදෙස් පැතුවා. දිග ධාවන පථයක් තියෙන ෆියුමිචිනෝ ගුවන්තොටුපළට යානය හරවා ඉදිරිපස හා දකුණු පස රෝදය පමණක් උපයෝගී කරගනිමින් වම්පස ඇන්ජිම ක්‍රියා විරහිත කර මම යානය ගොඩබස්සන්න සුදානම් වුණා.

ගිනි ගැනීමේ  අවදානමක් තිබුනත් මනස සැහැල්ලු කරගනිමින් අභියෝගයට මුහුණ දුන් නිසා මගේ මගීන්ගේ ජිවිත බේරගන්න මට පුළුවන් වුණා. යානයේ ගමන්ගත් ගැබිණි කාන්තාවක් මාධ්‍ය හමුවේ මෙසේ කීය. මම ගොඩක් බය උනා. ඒ නිසා යටි බඩ රිදෙන්න ගත්තා. රෝහල් වෛද්‍යවරුන් කියන්නේ දරු ගැබට මොනවත් වෙලා නැහැ කියලයි. ඔහු මිහිපිට දෙවියෙක්. මගේ දරුවගේ ජිවිතේ මෙන්ම අපි හැමෝගෙම ජිවිත ඔහු බේරුවා. යුක්රේන් ජාතික මගියෙකු කියනුයේ මෙවැනි කතාවකි. යානය පොළොවේ වදිනකොට මම මරණය සිහිකළා. නමුත් ජිවත් වෙන්න මට වාසනාව තිබුනා. කවදා හෝ සිදුවන මගේ මරණයේ අන්තිම මොහොතෙත් ජන්ලුකා මර්තින් කියන නාමය මට සිහියට නැගේවි.

 



අදහස් (0)

ඉතාලි ගුවන් නියමුවා වීරයෙක්

සමීර් Tuesday, 11 June 2013 10:41 AM

ඔහු මිහිපිට දෙවියෙක්. (නි)

:       0       0

කුමාර Monday, 10 June 2013 10:34 PM

පිටිගල, ඔයා දවසට පැය දෙකක්වත් ඔලුවෙන් හිටගෙන ඉන්න (නි)

:       0       0

විමුක්ති Monday, 10 June 2013 10:39 PM

මගලි,අර සේනාවට ගියොත් නේද හොඳ මෙතැන කාලෙ කන්නේ නැතුව.(නදී)

:       0       0

නිලුපුල් මලින්ද Monday, 10 June 2013 11:06 PM

ඔබ තුමා කල මෙම වීර ක්‍රියාව ඇත්ත වශයෙන්ම ප්‍රශංසනීයයි. ඔබ සැබෑම විරුවෙකි. ඔබට මගේ සුභ පැතුම්. මටත් ඕනේ දවසක ඔබ වගේ දක්ෂ ගුවන් නියමුවෙක් වෙලා මෙහෙම සේවය කරන්න. ඔබට ජයවේවා!(නදී)

:       0       0

වසන්ත Tuesday, 11 June 2013 11:39 AM

බලාගෙන යනකොට ලංකාවෙනෙ වැඩිපුරම ගුවන් නියමුවෝ ඉන්නේ .(නදී)

:       0       0

අතපත්තු Tuesday, 11 June 2013 01:59 AM

ගුවන් නියමුතුමා ,ඉතාමත් විශිෂ්ට සේවයක් සහ මන සංගමයකින් මේ සියලු දෙනාව අනතුරෙන් මුදවාගෙන තියෙනවා. හද පිරි ප්‍රණාමය ඔබට! මේකට අදහස් දමන මෝඩයෙක් ඉන්නවා, හැමවෙලාවෙම යන්නේ කොහෙද මල්ලේ පොල් (නි)

:       0       0

රනිල් Tuesday, 11 June 2013 11:51 AM

පිටිගලගේ ඇගපුරාම ‍මොලේ... (නි)

:       0       0

ජීවක Tuesday, 11 June 2013 02:33 AM

මම හිතන්නේ පිටිගල මහත්තයා පයිලට් කෙනෙක් වුනා නම් හොදයි කියලා. වම් පස එන්ජිම ක්‍රියා විරහිත කලහම පියාසර බලය අඩු වීමෙන් බර වැඩි වෙනවා මිසක් කොහොමද බර අඩු වෙන්නේ මහත්තයෝ? එන්ජිම ක්‍රියා විරහිත කරන්නේ ගිනි ගැනීමේ අවදානම අඩු කරන්න නෙමේද එතකොට? (නි)

:       0       0

නයන ශ්‍රී Tuesday, 11 June 2013 03:36 AM

මම දැක්කා පිටිගල කියලා මහත්මයෙක් කියලා තියෙනවා මෙය සාමාන්‍ය තත්වයක් බවත් වම් පස එන්ජිම ක්‍රියා විරහිත කෙරුවහම වම් පැත්ත සැහැල්ලු වෙනවා කියලා. එහෙම වෙනවා නම් ප්ලේන් එකට එන්ජින් මොකටද? එන්ජින් දෙකම ක්‍රියා විරහිත කෙරුවහම ප්ලේන් එක තවත් සැහැල්ලු වෙලා ඉබේම පාවෙලා යන්නෙ නැතෑ... මම දන්න විදියට නම් එන්ජිම ඕෆ් කරන්නේ ඒ පැත්තේ එන්ජිම බිම වැදිලා හානි වුනහම ගිනි ගැනීම් අවදානමක් තියෙන නිසා. ප්ලේන් එක ධාවන පථයේ බැලන්ස් කරගන්න සකසා ගන්නේ වම් පැත්තේ ත‍ටුවේ තිබෙන ඉන්ධන දකුණු පැත්තට පොම්ප කිරීම මගින් හෝ වම් පැත්තේ එම ඉන්ධන ඉවර වෙනකන්ම ගුවනේ ‍රැඳී සිටීම මගින්. එවිටයි දකුණු පස රෝදය දෙසට ගුරුත්වජ කේන්ද්‍රය එන්නේ. (නි)

:       0       0

සංජු Tuesday, 11 June 2013 07:45 AM

නවීන තාක්ෂනය සහ විද්‍යාවේ අලුත් දේවල් සොයා ගෙන යන්. ඔබව විස්මිත කරාවී. (නි)

:       0       0

සංජීව Tuesday, 11 June 2013 08:01 AM

ගුවන් නියමුවානෙනි , ඔබගේ සහයකයින් ලෙස පිටිගල මිලානෝ සහ නයන ශ්‍රී බඳවා ගන්න.(නදී)

:       0       0

ගාමිණී-සිරි Monday, 10 June 2013 07:03 PM

ඉතාලි ගුවන් නියමුවාගේ වීරත්වයට සුබ පතනවා වගේම 165 දෙනෙකුගේ ජීවිත බේරාගත්තාට ලොකු සම්මාන හා ත්‍යාගයන් පිරිනැමීම ගුවන් සමාගමේත් ,ඉතාලි රජයේත් යුතුකමක් වෙනවා.(නදී)

:       0       0

ඉෂාර Monday, 10 June 2013 07:14 PM

ඇත්තටම විශිෂ්ටයි ඔබ වගේ නියමුවන්ට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා.(නදී)

:       0       0

නිරෝෂන්-බලපිටිය Monday, 10 June 2013 07:40 PM

ඇත්තටම ඔබ සැබෑ ගුවන් නියමුවෙනි. මහත්මයාණෙනි ඔබට දීර්ගායුෂ.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 10 June 2013 08:03 PM

මෙය සාමාන්‍ය දෙයකි මන්ද යත්, මෙම ගුවන්යානය ගොඩ බාද්දී වම පස රෝද එලියට ආවේ නැත. එවිට වම්පස එන්ජිම ක්‍රියා විරහිත කෙරීමෙන් වම් පස බල රහිත සැහැල්ලු තත්වයකට පත්වේ. 'ගති විදාත්මක' නියමයන් පරිදි යානයේ ගුරුත්ව බලය දකුණට ආදී යනවා. එවිට දකුණට ඇලවී යානය ධාවන පථයට පතිත වී වේගය අඩු වූ විට වමට අලවෙනවා.(නදී)

:       0       0

කරුණාතිලක Monday, 10 June 2013 08:23 PM

අපි ඕවා දන්නේ නැහැ. නමුත් සුබ පතනවා.(නදී)

:       0       0

ඉන්දික Monday, 10 June 2013 08:42 PM

පිටිගල දන්න තරම තමයි ඔය (නි)

:       0       0

අමර Monday, 10 June 2013 08:58 PM

ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!(නදී)

:       0       0

මගලී Monday, 10 June 2013 09:03 PM

දෙවියන්ගේ ආශීර්වාදය මගීන්ට කරදරයක් වෙන්න කලින් ලැබෙන්න තිබුනේ නේද ?මොකද දෙවියන්ගේ ආශීර්වාදය තිබුනානම් ඔහොම වෙන්නේ නැ.(නදී)

:       0       0

හේරත් Monday, 10 June 2013 09:29 PM

ඔබට සුබ පැතුම්.ඔබ වෘත්තියට ආභරණයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site