ටිග්රේ පළාතේ බෙදුම්වාදී සටන්කාමීන් සහ ඉතියෝපියා රජය අතර ගැටුම් අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගැටුම් අවසන් වූයේ ඉතියෝපියා රජය සටන් විරාමයකට කැමැත්ත පළ කළ බැවිනි. දිනෙන් දින සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ වැටෙන බැවින් වහා සටන් විරාමයකට යන බව නිවේදනය කළේ ඉතියෝපියා අග්‍රාමාත්‍ය ඇබේ අහ්මද්ය. සටන් විරාමය ඒ අනුව ආරම්භ වූයේ මාස 8 ක් තිස්සේ පැවැති දරුණු ගැටුම් අවසන් කරමිණි.
ටිග්රේ යනු ඉතියෝපියාවට අයත් පළාතක් වන අතර, ටිග්රේ පළාතේ විමුක්තිකාමීන් එම පළාත වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලයි. ටිග්රේ විමුක්තිකාමී බළකාය සහ ඉතියෝපියා රජය අතර ගැටුම් ආරම්භ වූයේ මේ අනුවය. ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් සිය ගණනක් මියගිය අතර, දහස් ගණනකට තම උන්හිටිතැන් අහිමි විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කර ඇත්තේ ටිග්රේ ගැටුම් මැද මානවහිමිකම් උල්ලංගනය වීම් සිදුවුණු බවය.
නොයෙක් නොයෙක් අර්බුද රැසකට මුහුණ දුන්නත්, අප්‍රිකා කලාපයේ සෙසු රටවල් සමඟ සන්සන්දනය කරද්දී මෑත කාලයේ කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්නුම් කළ අප්‍රිකා රාජ්‍යයක් ලෙස ඉතියෝපියාව සැලකෙයි.
ඉතියෝපියාව, විදෙස් සබඳතා තරකර ගැනීමට කටයුතු කරමින් දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණ සිටින රාජ්‍යයක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉතියෝපියාව චීනය සමඟ සබඳතා තරකර ගනිමින් යටිතල පහසුකම් නංවාලීම කටයුතු කර ඇත.
බෙදුම්වාදී අරගල ඉතියෝපියාවට අලුත් දෙයක් නොවෙයි. ඉතියෝපියාවට උතුරු දෙසින් පිහිටි එරිත්‍රියාව අතීතයේ ඉතියෝපියාවේ කොටසක් විය. එය වෙනම රාජ්‍යයක් බවට පත්වූයේ 1990 දශකය ආරම්භයේදීය. ඒ දශක ගණනාවක් තිස්සේ පැවැති යුද ගැටුම් අවසන් වෙද්දීය.
එරිත්‍රියාව ඇත්තේ ටිග්රේ පළාතට මායිම්වය. ටිග්රේ අරගලයේ දී, ටිග්රේ බෙදුම්වාදීන්ට එරිත්‍රියාවෙන් ද ප්‍රහාර එල්ල වෙයි. බෙදුම්වාදීන් සම්බන්ධයෙන් එරිත්‍රියාව සහ ඉතියෝපියාව ඔවුන්ගේ මත ගැටුම් පසෙකළා එක් වී කටයුතු කරන බව පැවැසෙයි. දේශසීමා හරහා එරිත්‍රියා හමුදාවට, ටිග්රේ පළාතට පැමිණීමට ඉතියෝපියානු රජය ඉඩ දුන් බවට ද චෝදනා එල්ල වී ඇත.
අඩිස්අබාබා (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2364
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතියෝපියාවේ සටන් විරාමයක්