IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉක්වදෝර ජනාධිපතිට ප්‍රහාරයක්

ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ ජනාධිපති ඩැනියෙල් නෝබෝවා, විරෝධතාකරුවන් පිරිසකගේ ප්‍රහාරයකට ලක් විය.

ජනාධිපතිවරයා මෙසේ විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයකට ලක්වූයේ එල් ටැම්බෝ පළාතේ ජල පිරිපහදු කම්හලක නිරීක්ෂණ චාරිකාවට ගිය අවස්ථාවේදීය.

ජනාධිපති නෝබෝවා, එම පිරිපහදුවට පැමිණියේ ඔහුගේ මෝටර් රථයෙනි. ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ආරක්ෂක අංශ සාමාජිකයෝ ද සිටියහ.

ජනාධිපතිවරයා රිදී පැහැති එස්.යූ.වී. මෝටර් රථය පිරිපහදුවට පැමිණෙද්දී, පන්සීයක පමණ විරෝධතාකරුවෝ පිරිසක් ආරක්ෂක අංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් තල්ලු කර දමා එය වටකරගෙන ඊට ගල් ගසන්න වූහ.

මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් ද එල්ල වූ බව පැවැසෙයි. මේ බව පැවැසුවේ ජනාධිපති නෝබෝවා සමඟ පිරිපහදුවට ගිය ඉක්වදෝර පරිසර සහ බලශක්ති අමාත්‍ය ඉනේස් මන්සානෝය.

ජනාධිපති නෝබෝවා ට කිසිදු අනතුරක් සිදු නොවිණි.

පරිසර අමාත්‍යවරයා පසුව මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ,  එම විරෝධතාව අතරතුරේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ද උත්සාහයක් ගත් බවය.

සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, ඊට සම්බන්ධ පුද්ගලයන් සොයා දඩුවම් කරන බවත් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෝටර් රථය වට කරගෙන ඊට ගල් ප්‍රහාර එල්ල කළ පස් දෙනකු එම අවස්ථාවේදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද පැවැසෙයි.

ඩැනියෙල් නෝබෝවා, ඉක්වදෝරයේ ජනාධිපති ධුරයට පත්වූ ළාබාලතම තැනැත්තාය. වාමාංශික දේශපාලනඥයකු වන ඔහු පසුගිය අප්‍රේල් පැවැති ජනාධිපතිවරණයෙන් ද ජයග්‍රහණය කළේය. ඒ, දෙවැනි වටයේ දී ප්‍රතිවාදියා වූ ලුයිසා ගොන්සාලෙස් පරාජය කරමිණි.



අදහස් (0)

ඉක්වදෝර ජනාධිපතිට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site