IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇෆ්ගන් සමුළුව ජපානයේ ටෝකියෝ නුවරදී ඇරැඹේ

අල් කයිඩා සහ තලේබාන් සටන්කාමීන් සමඟ සටන් වදින විදෙස් හමුදා 2014 වසරේදී ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිත හෙයින් එරට අනාගතය ගැන සාකච්ඡුා කිරීම සඳහා ගෝලීය සමුළුවක් ඊයේ (8) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ විය. සමුළුව ආරම්භ කරමින් ජපාන අගමැති යොෂිහිකෝ නෝඩා පැමිණ සිටි විදේශීය නියෝජිතයන් අමතමින් කීවේ මෙවර එම සමුළුව ජපානයේ පැවැත්වීම තමන්ට විශාල ගෞරවයක් බවය. 2015 වසර තෙක් ඇෆ්ගන් සිවිල් වැසියන්ගේ යටිතළ පහසුකම් නංවාලීමට ජපන් රජය ඇමෙරිකන් ඩොලර් බිලියන 16 ක ආධාර  මුදලක් ඇෆ්ගනිස්තානයට ලබා දෙන බව ද ජපන් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. ඇමෙරිකාව නියෝජනය කරමින් එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සමුළුවට සහභාගී වූවාය. ඇය ජපානයට පැමිණියේ ප‍්‍රංශයේ සහ ඇෆ්ගනිස්තානයේ හදිසි සංචාරයකින් ද පසුවය. 2014 වසරේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියත් ඇමෙරිකාවේ සහාය දිගටම ඇෆ්ගන් ජනතාවට සහ රජයට ලැබෙනු ඇතැයි ජනපති ඔබාමා වෙනුවෙන් ඇය සමුළුව අමතමින් ප‍්‍රකාශ කළාය. විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශවලට රටේ ආරක්ෂාව පවරා දෙමිනි. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 4 ක මුදලක් වැයවේ. එම මුදල් ලබා දෙන්නේ ඇමෙරිකාව ජර්මනිය ඇතුළු බටහිර රටවල්ය. සමුළුවට විශේෂ ආරාධිතයන් ලෙස ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් ද සහභාගී වූහ.



අදහස් (0)

ඇෆ්ගන් සමුළුව ජපානයේ ටෝකියෝ නුවරදී ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site