IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඇෆ්ගන් විදේශ අමත්‍යාංශයට අයි.එස්. ත්‍රස්තයෝ පහර දෙති

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර, විදේශ කටයුතු අමත්‍යාංශය ඉදිරිපිට බෝම්බයක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 40 ක් යැයි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන පවසයි.

එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත්, බෝම්බ ප්‍රහාරය එල්ල කළේ ඇෆ්ගන් අයි.එස්. ත්‍රස්තවාදීන් බවත් ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇෆ්ගන් අයි.එස්. ත්‍රස්ත කල්ලිය ද ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.

ඇෆ්ගන් විදේශ කටයුතු අමත්‍යාංශය පිහිටා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයකය. මරාගෙන මැරෙන බෝම්බකරු ආරක්ෂක අංශ මඟහැර අමාත්‍යාංශ ගොඩනැගිල්ල ඉදිරියට පැමිණ බෝම්බය පුපුරුවා ගත් බව සිද්ධිය දුටුවෝ පවසති.

ඇෆ්ගන් විදේශ කටයුතු අමත්‍යාංශය ඉදිරිපිට සිදුවුණු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව ද ඇෆ්ගන් තලේබාන් රජයට සිය කනගාටුව පළ කර ඇත. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ යළි බලය අල්ලා ගනිමින් රජයක් පිහිටුවා ගත්තේ 2021 අගෝස්තු මාසයේය. ඒ, ඇමෙරිකන් හමුදා තලේබාන්වරුන්ට එරෙහි යුද මෙහෙයුම් අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය.

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ ‘කොරසන්’ නමැති පළාතෙන් බිහිවුණු අයි.එස්. ත්‍රස්ත කල්ලියයි. මෙම කල්ලිය හැඳින්වෙන්නේ ‘කොරසන් අයි.එස්. ත්‍රස්තවාදීන්’ යනුවෙනි. මෙම ත්‍රස්ත කල්ලිය සමඟ තලේබාන් අත්වාදීන් එක් වී සිටින බව පැවැසෙයි. ඇෆ්ගන් තලේබාන් රජයට, කොරසන් අයි.එස්. ත්‍රස්ත කල්ලිය තර්ජනයක් බව ඇමෙරිකන් බුද්ධි අංශ පෙන්වා දී තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇෆ්ගන් විදේශ අමත්‍යාංශයට අයි.එස්. ත්‍රස්තයෝ පහර දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25253 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18149 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10861 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 589 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site