IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඇෆ්ගන් මන්ත්‍රීවරියක් වෙඩි තබා මරා දැමේ

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා තිබූ ඇෆ්ගන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ මුර්සාල් නබිසාදා වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා තිබූ ඇෆ්ගන් රජය බිඳ වැටුණේ පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේය. ඒ, ඇමෙරිකන් හමුදා යුද මෙහෙයුම් අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය. ඉන්පසු තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගත් අතර, මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ඇත්තේ තලේබාන් පාලන රජයකි.

32 හැවිරිදි නබිසාදා, කාබුල් අගනුවර සිය නිවසේ සිටිද්දී සන්නද්ධ පිරිසක් නිවසට කඩා වැදී ඇයට වෙඩි තබා ඇති බව පොලිසිය කියයි. නබිසාදාගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද සිට ඇති අතර, එක් ආරක්ෂක නිලධාරියෙක් ද වෙඩි වැදී මියගියේය.
නබිසාදාගේ ඝාතනය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් වී ඇත. නබිසාදා ඇෆ්ගන් පාර්ලිමේන්තුවට තේරී පත වූයේ 2018 දීය.

2021 වසරේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යද්දී, බටහිර අනුග්‍රහයෙන් පිහිටවූ රජයේ පාර්ලිමේන්තු සාමාජිකයෝ බොහෝ දෙනකු ඇෆ්ගනිස්තානයෙන් පලා ගියහ. ඒ තලේබාන්වරුන් බලයට පැමිණෙද්දී, ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටෙන බැවිනි.

කෙසේ නමුත් නබිසාදා සිය මව් රටින් යෑම ප්‍රතික්ෂේප කර තිබුණි. තලේබාන් රජය පවසා ඇත්තේ නබිසාදා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් පවත්වන බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇෆ්ගන් මන්ත්‍රීවරියක් වෙඩි තබා මරා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24347 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18134 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10856 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 568 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 171 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 831 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site