
ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නුවර මහ බැංකුවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් එල්ල විය.
එම ප්‍රහාරයෙන් 21 දෙනකු මියගිය බවත් 15 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයන් එම බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.
බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඇෆ්ගනිස්තානයේ වේලාවෙන් උදෑසන 8 ට පමණි. ඒ වනවිට බැංකුව ඉදිරිපිට 150 දෙනකු පමණ සිටි බව පැවැසෙයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව කන්දහාර් පොලිසිය පවසයි.
ඇමෙරිකන් හමුදා පිටව යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ තලේබාන් පාලනයකි. අයි.එස් ත්‍රස්වාදීන් තලේබාන් සමඟ ගැටුම් ඇති කර ගනී. කන්දහාර් යනු තලේබාන්වරුන්ගේ උපත සිදුවුණු නගරයයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1825
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇෆ්ගන් බැංකුවට අයි.එස්. ප්‍රහාරයක්