ඇෆ්ගනිස්තානයේ බම්යන් නගරයේ පාසලක සිසු සිසුවියන් 116 දෙනකු හදිසියේ ක්ලාන්තවීම හේතුවෙන් පෙරේදා(19) රෝහල් ගත කළ බව ඇෆ්ගන් රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙලෙස අසනීප තත්ත්වයට පත්වූ පාසල් සිසුන් අවුරුදු 17ත් 19ත් අතර වයසේ පසුවන අය බවත් මොවුන්ගෙන් බහුතරය සිසුවියන් බවත් වාර්තා වේ. යම්කිසි වායුවක් ආඝ‍්‍රාණය වීම හේතුවෙන් මෙම දරුවන් ක්ලාන්තවී ඇති බව බම්යන් රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරියා පැවැසීය. ‘මෙම තත්ත්වය හේතුවෙන් කිසිවෙකුත් බරපතළ තත්ත්වයකට පත්ව නැහැ. බොහෝ දෙනකු මේ වන විට ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොසින්. දැනට රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටින්නේ අටදෙනකු පමණයි’ යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප‍්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පැවැසුවේ මෙම සිසුන් යම් කිසි විෂ සහිත වායුවක් ආඝ‍්‍රාණයවීම හේතුවෙන් මෙසේ අසනීප වී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්ය. තලෙයිබාන් සංවිධානය බලයට පත්ව සිටි 1996 - 2001 වසරවල දී ගැහැනු ළමයින්ට පාසල් යාම තහනම් කළ අතර ඔවුන්ගේ අණ නොතැකූ ළමයින් ඝාතනය කිරීමට විෂ වායු යොදා ගත් බවට වත්මන් ඇෆ්ගන් රජය චෝදනා කරයි.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇෆ්ගන් පාසලක සිසුහු 116ක් හදිසියේ ලෙඩ වෙති