IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇෆ්ගන් පොලිස් නිලධාරීන් පිරිසක් තලේබාන් සංවිධානයට එක්වෙලා

ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතේ පොලිස් නිලධාරීන්  පිරිසක් ඔවුන්ගේ ප‍්‍රධානීන් ද සමඟ තලේබාන් සංවිධානයට එක් වූ බව ඇෆ්ගන් රජය පවසයි. මීට සති කිහිපකට පෙර ද පොලිස් නිලධාරීහු 30 කට වැඩි පිරිසක් තලේබාන් සංවිධානය සමඟ එක් වූහ. ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් තලේබාන් සංවිධානය සමඟ එක් වීම රටේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් යැයි දේශපාලන විචාරකයෝ පවසති. ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා 2014 වසරේ දී සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කොට ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට නියමිතව සිටින්නේ රටේ ආරක්ෂක කටයුතු ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත පවරා දෙමින්ය. මේ අතර තලේබාන් සටන්කාමීහු ඊයේ (7) ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පග්මාම් ප‍්‍රදේශයේ මගී බස් රියක් ඉලක්ක කර ගනිමින් ද බෝම්බයක් පුපුරුවා හැරියහ. දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරි එම බෝම්බයට ඇෆ්ගන් සිවිල් වැසියෝ 8 දෙනෙක් බිලිවූහ. 10 දෙනෙක් තුවාල ලැබූහ.



අදහස් (0)

ඇෆ්ගන් පොලිස් නිලධාරීන් පිරිසක් තලේබාන් සංවිධානයට එක්වෙලා

ආශා Wednesday, 08 August 2012 03:57 PM

ආයෙමත් තලෙයිබාන් පාලනයක් පැමිණි‍යහොත් ඉන්දියවත් සමග යුද්ධයක් ඇති කර ගනීවිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site