IMG-LOGO

ඇෆ්ගන් දේශසීමාව අසල ඉරානය යුද අභ්‍යාසයක්

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල විරෝධය මැද ඉරානය පෙරේදා (7) ඇෆ්ගන් දේශසීමාවට යාබද ප‍්‍රදේශයක හමුදා අභ්‍යාසයක් ආරම්භ කළේය. ඉරාන විප්ලවීය හමුදා ආඥාපති මොහොමඞ් පක්පූර් එරට ‘ෆාස්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ ඉරාන/ඇෆ්ගන් දේශසීමාවේ කවාට් පළාතේදී හමුදා අභ්‍යාසය පැවැත්වූ බවය. කවාට් පළාත පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තානයේ සිට කිලෝමීටර් 60 ක් දුරින් යැයි ‘ෆාස්’ පුවත් සේවය වාර්තා කරයි. හමුදා ආඥාපති මොහොමඞ් පක්පූර් වැඩිදුරටත් කියා සිටියේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් තමන්ට ඊට මුහුණ දීමට ශක්තියක් ඇති බව පෙන්වීම එම හමුදා අභ්‍යාසයේ අරමුණ බවය. හමුදා අභ්‍යාසයේදී නව අවි ආයුධ කිහිපයක් අත්හදා බැලූ බව ද හමුදා ආඥාපතිවරයා පවසයි. ඉරානය මීට දින කිහිපයකට පෙර ඉරානය අසල පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසයක් පැවැත්වීය. දස දින නාවික අභ්‍යාසයක් වූ එයට ඇමෙරිකාවේ සහ ඇමෙරිකාවේ ගැත්තකු වන ඊශ‍්‍රායලයේ දැඩි විරෝධයක් එල්ල විය. ඉරානයේ ‘හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන’ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල දැඩි විරෝධයකට ලක් ව ඇති අතර ඇමෙරිකාව චෝදනා කරන්නේ ඉරානය පරමාණු බෝම්බ නිපදවන බවය. එම චෝදනා සැලකිල්ලට ගෙන මේ වනවිට ඉරානයට දැඩි සම්බාධක පැනවීමක් ද සිදු කර ඇත. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යම් හෙයකින් ඉරානයට පහර දුන්නොත් එවැනි ප‍්‍රහාරයකට තමන්ට මුහුණ දීමට ශක්තියක් ඇතැයි පෙන්වීම ඉරානයේ මෙම හමුදා සහ නාවික අභ්‍යාසවල අරමුණ වෙයි. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසය පවත්වමින් ඉරානය ලෝකයාට කියා සිටියේ යම් හෙයකින් ඇමෙරිකාව පහර දුන්නොත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන්න තමන්ට ශක්තියක් ඇති බවය. මැද පෙරදිග තෙල් ප‍්‍රවාහන කටයුතුවලින් සියයට 30 කට වැඩි ප‍්‍රමාණයක් සිදුවන්නේ එම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහාය. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසයට විරෝධය පළ කරමින් ඉරානයට එරෙහිව තව තවත් සම්බාධක පැනවීමටත්, ඉරානයේ තෙල් ගනුදෙනුවලට බාධක පමුණුවන්නත් ඇමෙරිකාව ඉකුත් සතියේ කටයුතු කළේය. මේ වනවිට ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක රැසක් පනවා ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා තෙල් සැපැයුම්වලට බාධා කිරීමට ඉරානයට හැකියාව ඇති නමුත් පැය කීපයක් ඇතුළතදී වසා දැමෙන එම සමුද්‍ර සන්ධිය යළි විවෘත කරන බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා පවසයි. ජනපති ඔබාමා මේ බව කියා සිටියේ ඉකුත් 5 වැනිදා ඇමෙරිකා හමුදාවේ ඉදිරි වැඩපිළිවෙළ ගැන එරට හමුදා ප‍්‍රධානීන් සමඟ පෙන්ටගනයේදී (ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුවේදී) සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.



අදහස් (0)

ඇෆ්ගන් දේශසීමාව අසල ඉරානය යුද අභ්‍යාසයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 127 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site