ඔසාමා බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා බවට පත් වුණු ඊජිප්තු ජාතික අයිමාන් අල් සවාහිරි ඝාතනය සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන් රජය සිය අප්‍රසාදය පළ කර තිබේ.
නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාර එල්ල කරමින්, සවාහිරි ඝාතන කිරීමට ඇමෙරිකන් හමුදාව සමත් වූයේ සී.අයි.ඒ. බුද්ධි තොරතුරු අනුවය. එම අවස්ථාවේ, සවාහිරි, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ස්ථානයක සැඟවී සිටි අතර, සී.අයි.ඒ. බුද්ධි අංශය ඒ බව තහවුරු කර ගැනීමෙන් පසු, ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේය. ඒ, පසුගිය 31 වැනිදාය.
ඇමෙරිකන් හමුදා තමන්ට නොදන්වා, තම ගුවන් සීමාව උල්ලංඝනය කරමින් සවාහිරි ඝාතනය කිරීම අන්තර්ජාතික ප්‍රතිපත්තීන් උල්ලංඝනය කිරීමක් බවත්, 2020 වසරේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් ව යද්දී තලේබාන් රජය සමඟ ඇති කරගත් ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවත් තලේබාන් රජයේ ප්‍රකාශක සහිබුල්ලා මුජහිද් පවසා තිබේ.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 ඔක්තෝබරයේය. හේතුව එම වසරේ සැප්තැම්බර් 11 වැනිදා බින් ලාඩන්ගේ අල් කයිඩාව, ඇමෙරිකාවට එල්ල කළ ප්‍රහාරයයි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මහ මොළකරුවකු ලෙස අල් සවාහිරි සැලකෙයි.
2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ සැඟවූයේ තලේබාන්වරුන්ගේ ආරත්ෂාව යටතේය. ඇමෙරිකාව තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ඒ අනුවය.
(රොයිටර්)
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල් රොබට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇෆ්ගන් තලේබාන් රජය අප්‍රසාදය පළ කරයි