ඇෆ්ගන් කාන්තාවන්ට එරෙහිව, ඇෆ්ගන් තලේබාන් රජය සිදු කරන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හේතුවක් වී ඇත.
ඇෆ්ගන් තලේබාන් රජයට දොස් නගමින්, සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිය අප්‍රසාදය පළ කළ බව ද විදෙස් මාධ්‍ය පවසා තිබේ.
ඇෆ්ගන් තලේබාන්වරුන් යළි එරට බලය අත්පත් කරගත්තේ, 2021 වසරේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය.
මේ වනවිට තලේබාන් පාලකයන්, ඔවුන්ට ආවේණික ෂරියා නීතිය යළි ක්‍රියාත්මක් කර තිබේ. ඒ අනුව බාලිකා සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම්ය. කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල රැකියාව තහනම්ය.
‘ඇෆ්ගන් කාන්තාවන්ගේ මූලික අයිතීන් උදුරා ගන්න තලේබාන් පාලකයන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ඇෆ්ගන් තලේබාන් පාලකයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට ඒ අනුව ඉදිරියේදී සිදුවේවි’ යැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ඇෆ්ගන් තලේබාන් රජයට දොස්