IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇෆ්ගන් තලේබාන්වරු බුර්කාව අනිවාර්ය කරති

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය, ඔවුන්ගේ දළදඩු ෂරියා නීතිය අනුව කටයුතු කරමින්, කාන්තාවන් සඳහා පැනැවූ නීති දැඩි කර ඇති බවත්, ප්‍රසිද්ධ ස්ථානවලදී කාන්තාවන් සිරුර ආවරණය කර ගනිමින් බුර්කාව පැලැඳිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

1996 සිට 2001 කාලයේ, ඇෆ්ගනිස්තානයේ බලයේ සිටියේ තලේබාන්වරුන්ය. තලේබාන්වරු ඔවුන්ටම ආවේණික ෂරියා නීතියක් ක්‍රියාත්මක කරති. 1996 සිට 2001 කාලයේ, තලේබාන් පාලනය, මානව හිමිකම් උල්ලංගනය කරන බවට චෝදනා එල්ල වූයේ ද ඒ නිසාය.

2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පහර දුන්, අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ට සැඟවීමට උදව් කළේ යැයි තලේබාන්වරුන්ය. ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින් තලේබාන් පාලනය පෙරළා දැම්මේ ඒ අනුවය. 2001 වසරේ සිට 2021 දක්වා ඇෆ්ගන් යුද්ධයට හේතුව වූයේ මෙම ආක්‍රමණයයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගත්තේ පසුගිය අගෝස්තු මාසයේය. ඒ, ඇමෙරිකන් හමුදා එරටින් පිටවී යෑමත් සමඟය. එසේ බලය අල්ලා ගනිමින් ඔවුන් පොරොන්දුවක් ලබා දුන්නේ, ඔවුන් බලයේ සිටියදී ක්‍රියාත්මක කළ දළදඩු ෂරියා නීතිය බැහැර කරමින්, එය ලිහිල් කිරීමට පියවර ගන්නා බවය.

එසේ ප්‍රතිඥා දුන්නත් තලේබාන්වරුන් කාන්තාවන් හා සම්බන්ධ ෂරියා නීති දැඩිව ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනෙයි. මෙය ජාත්‍යන්තරයේ අප්‍රසාදයට හේතුවක් වී ඇත. ද්විතීක බාලිකා අධ්‍යාපනය තහනම් කිරීමට, කාන්තාවන්ට තනිවම ගමන් බිමන් යෑමට අවසර නොදීමට, රියැදුරු බලපත්‍ර නිකුත් නොකිරීමට ද තලේබාන් රජය කටයුතු කර තිබේ.

ප්‍රසිද්ධ ස්ථානවලදී ඇෆ්ගන් කාන්තාවන් බුර්කාව පැලැඳිය යුතුයි යන නියෝගය නිකුත් කළේ ඇෆ්ගන් උත්තරීතර නායකයා සහ තලේබාන් සංවිධානයේ ප්‍රධානී හිබතුල්ලා අකුන්දාසාද් එක් වෙමිනි.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (0)

ඇෆ්ගන් තලේබාන්වරු බුර්කාව අනිවාර්ය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site