IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් ජනපති කාර්යාලයට සී.අයි.ඒ. සංවිධානයෙන් සල්ලි

ප්ලාස්ටික් බෑගවල දමා ඇමෙරිකන් ඩොලර් මිලියන 10 කට වැඩි මුදලක්, ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන් විසින් ඇෆ්ගන් ජනපති කාර්යාලයට ලබාදී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.
ඇෆ්ගන් රජය පවත්වාගෙන යෑමටත්, රජයේ මැති ඇමැතිවරුන්ගේ මෙන්ම ජනපති හමීඞ් කර්සායිගේ ද ‘පඩිනඩි’ ගෙවීමත් සිදුවන්නේ ඇමෙරිකාවේ, ජර්මනියේ සහ සෙසු බටහිර රටවල ආධාර මුදල්වලිනි.
කෙසේ නමුත් සී.අයි.ඒ. නිලධාරීන් ඇෆ්ගන් ජනපති කාර්යාලයට ලබා දී ඇති මුදල කුමන අරමුණකින් ලබා දුන්නේ ද යැයි මෙතෙක් අනාවරණය වී නැත. එපමණක් නොව, එය නිලවශයෙන් සිදුවූ ආධාර ලබා දීමක් ද නොවන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.
ලෝකයේ දූෂිතර රාජ්‍යයන් අතර ප‍්‍රමුඛත්වය ගෙන සිටින්නේ ඇෆ්ගන් රජය යැයිද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පසුගිය දා අනාවරණ කළේය.



අදහස් (0)

ඇෆ්ගන් ජනපති කාර්යාලයට සී.අයි.ඒ. සංවිධානයෙන් සල්ලි

මුරුගන් Wednesday, 01 May 2013 10:13 AM

ආසියාවේ ගොඩක් රටවලට අරක්ගත් දුශනේ නිසා මේ රටවල් කිසිදින ගොඩ යන්නේ නැහැ. ඒකට සුද්දන්ට බැනලා වැඩකුත් නැහැ.මේ රට දියුණු වුණොත් ඔය ත්‍රස්තවාදේ අඩු වෙයි.මිනිස්සුන්ගේ ප්‍රශ්න වැඩි වෙද්දී තමා අන්තවාදේ,චොමියුනිස්ට්වාදේ,ත්‍රස්තවාදේ හරහා එලිබහින්නේ. (නි)

:       0       0

රූපා Wednesday, 01 May 2013 10:14 AM

මේ රටේ නම් තිබ්බ එකම බැංකුවේ සල්ලි ටික එක් කෙනෙකුගේ යාලුවෝ බංකොලොත් කළානේ (නි)

:       0       0

ශීලා Wednesday, 01 May 2013 10:15 AM

අයි හෙරොයින් ව්‍යාපාරේට මොකද උනේ.(නදී)

:       0       0

සදරුවන් Wednesday, 01 May 2013 02:52 PM

සමහර රටවල්වල ලොක්කන්ට ඇමෙරිකාව පගාව දෙනවා.දීලා ඒ ඒ රටවල්වල සම්පත් සූරා කනවා.සමහරු දන්නේ නැති වුණාට අපි දන්නවා.ඒකයි ඇමෙරිකාව සල්ලි හොයන ප්‍රධාන ක්‍රමය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site