IMG-LOGO

ඇෆ්ගන් ජනපති ඇමෙරිකාවටත් තලේබාන් සංවිධානයටත් දෙහි කපයි

ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කර දොළොස් වසරක් සපිරී ඇති නමුත් තලේබාන් සටන්කාමීන්

ඇෆ්ගන් ජනපති (වමේ) ඇමෙරිකානු නව ආරක්‍ෂක ලේකම් හමුවෙමින්...

පරාජය කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැතැයි ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි චෝදනා කරයි.
 2014 වසරෙන් පසුවත් ඇමෙරිකානු හමුදා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවමින්, ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමට සූදානම් වන බවද ජනපතිවරයා තවදුරටත් කියා සිටී.
ඇෆ්ගන් ජනපති එම චෝදනා එල්ල කළේ පෙරේදා (10) ජාතිය ඇමැතූ අවස්ථාවේදීය. ඇමෙරිකාවට පමණක් නොව ඇෆ්ගනිස්තානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන තලේබාන් සංවිධානයට ද ජනපති කර්සායි එම අවස්ථාවේදී දොස් පැවැරීය.
ඇමෙරිකාව තම හමුදා තව දුරටත් ඇෆ්ගනිස්තානයේ රඳවා තැබීමට උත්සාහ ගන්නේ තලේබාන් සංවිධානය දිගින් දිගටම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරමින් ඇමෙරිකාව පොළොඹ වන නිසා යැයි ද ජනපති කර්සායි චෝදනා කළේය.
ඇෆ්ගනිස්තානය අවුල් ජාලයක් කිරීමේ වගකීම තලේබාන් සංවිධානය මෙන්ම ඇමෙරිකාව ද බාර ගත යුතු යැයි ජනපති කර්සායි වැඩි දුරටත් චෝදනා කරයි.
ඇෆ්ගන් ජනපති මෙසේ චෝදනා කළේ ඇමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් චක් හේගල් ඇෆ්ගනිස්තානයේ හදිසි සංචාරයකට පැමිණි අවස්ථාවේදීය.
ඇමෙරිකා හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමෙන් පසු හේගල්, ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි හමුවී සාකච්ඡා කළ බව ද වාර්තා විය.
ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව ඇෆ්ගිනස්තානය ආක‍්‍රමණය කළේ 2001 වසර ඔක්තෝබර් මාසයේදී ය. ඒ, 2001 සැප්තැම්බර් 11 වැනිදා ප‍්‍රහාරයෙන් පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇෆ්ගනිස්තානයට පැමිණ සැඟවීමත් එවකට පැවැති තලේබාන් රජයෙන් ඔහුට සහාය හිමිවීමත් සමඟය.
විදෙස් හමුදා එවකට පැවැති තලේබාන් පාලනය පෙරළා දමා ඔවුන්ට හිතැති පාලනයක් ඇෆ්ගනිස්තානයේ පිහිටුවී ය. හමීඞ් කර්සායි ඇෆ්ගනිස්තානයේ ජනපති ධුරයට පත් වූයේ ඒ අනුවය. කර්සායිගේ රජය ගෙන යෑමට ආධාර දෙන්නේද බටහිර රටවල්ය.                     



අදහස් (0)

ඇෆ්ගන් ජනපති ඇමෙරිකාවටත් තලේබාන් සංවිධානයටත් දෙහි කපයි

සදරුවන් Tuesday, 12 March 2013 07:21 PM

අපිත් මේ දේවල් දෙස බලා බුද්ධිමත් වෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 453 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site