ඇෆ්ගනිස්තානයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරට පෙරේදා (1) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකකට සිවිල් වැසියන් 15 දෙනෙක් සහ පොලිස් නිලධාරීහු දෙදෙනෙක් බිලිවූහ. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 43 කි. ප‍්‍රහාරය එල්ල වූයේ මධ්‍යම ඇෆ්ගනිස්තානයේ වර්ඩාක් ප‍්‍රාන්තයේ සෙයිඩාබාද් දිස්ති‍්‍රක්කයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරටය. ප‍්‍රහාරයෙන් ඇමෙරිකානු හමුදා සෙබළුන්ට අනතුරක් සිදු නොවූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පළමු බෝම්බකරු කඳවුරට ඇතුළු වීමට උත්සාහ ගත් අවස්ථාවේ කඳවුර පිටත ආරක්ෂාවට සිටි ඇෆ්ගන් පොලිස් සහ හමුදා නිලධාරීන් ඔහු සෝදිසි කළ අතර එම අවස්ථාවේදී ඔහු බෝම්බය පුපුරවාගෙන ඇත. එම පිපිරීමත් සමඟ හටගත් කලබලය මැද ට‍්‍රක් රියක් පදවාගෙන පැමිණි දෙවැනි බෝම්බකරු සිය බෝම්බය පුපුරවා ගත් බව ආරක්ෂක අංශ පවසයි. කඳවුර අසල පොළක් පැවැති බවත් පිපිරීමෙන් තුවාල ලැබූ සහ මරණයට පත් වූ සිවිල් වැසියන් එම පොළට පැමිණ සිටි අය බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී. තුවාල ලබා රෝහල් ගත කළ පිරිස අතරේ ඇෆ්ගන් හමුදා සහ පොලිස් නිලධාරීන් ද සිටින බව ද පැවැසෙයි. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 ඔක්තෝබර් මස 08
1872
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1508
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇෆ්ගන් ඇමෙරිකා හමුදා කඳවුරට තලේබාන් ප‍්‍රහාරයක්:
නිමල් Monday, 03 September 2012 09:50 PM
එල්.ටී.ටී. එකේ වගේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරවන්න මේ අයට බැහැ වගෙයි. (නි)
සිල්වා Monday, 03 September 2012 02:34 PM
නියමයි. රටින් පිටවනතුරුම මෙය කළ යුතුයි (නි)