ඇෆ්ගනිස්ථානයේ පර්වන් පළාතේ සහ කාබුල් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 48 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පර්වන් පළාතේ මැතිවරන රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඇෆ්ගනිස්ථාන ජනපති අශ්රෆ් ඝානි රැළිය ඇමතීමට නියමිතව තිබුණු බවද සඳහන් වේ. එම ස්ථානයේ 26 දෙනකු මියගොස් ඇත.
කාබුල් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අනෙක් පිපිරීම සිදුව ඇති අතර එයින් 22ක් මියගොස් ඇත.
තලේබාන් සංවිධානය ප්‍රහාරයන්හි වගකීම බාරගෙන ඇති අතර මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන් සාම සාකච්ඡා පවත්වන අතරතුර බෝම්බ ප්‍රහාර එල්ල කරන බවයි.
ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 දින පැවැත්වීමට නියමිතව ඇති නමුත් ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩනොදෙන බව තලේබාන් සංවිධානය පවසා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 48 ක් මරුට