IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇෆ්ගනිස්ථානයේ බස් දෙකකට බෝම්බ ප්‍රහාර

ඇෆ්නිස්ථානයේ අලුතින් බඳවාගත් හමුදා භටයන් රැගත් බස් රථයකට ජලාලාබාද් හිදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අඩු ගණනේ 12 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ප්‍රහාරයෙන් තවත් 38 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද කියති.

තරුණ හමුදා සෙබළුන් පිරිස රැගත් බස්රථය එරට අගනුවර වන කාබුල් හි පුහුණුවක් සඳහා රැගෙන යමින් තිබියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇතැයි නාගහාර් ප්‍රාන්තයේ රජයේ ප්‍රකාශකයකු වන අතාවුල්ලා කොග්යානි අල් ජසීරා පුවත් සේවයට පවසා ඇත.

තුවාල ලැබූ 38 දෙනාද අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ඔහු සඳහන් කර සිටී.

ප්‍රහාරය සඳහා එක් අයකු පැමිණි බවත් ඔහු යතුරුපැදියකින් පැමිණ ඇති බවත් තලේබාන් සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම බාරගෙන ඇති බවත් කියති.

එම මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපන අමාත්‍යංශ සේවකයන් රැගත් කුඩා බසයකටද කාබුල්හිදී බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇතැයිද ඉන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තාවේ.



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේ බස් දෙකකට බෝම්බ ප්‍රහාර

ඉසුරන්දි Wednesday, 13 April 2016 01:49 PM

අපිටත් ඔය බෝම්බ බිය තිබුණ කාලයක් තිබුණා. මිනිස්සු ඇයි මෙතරම් කුරිරු? මිනිසත්බව ලබා කරන්නේ තිරිසන් වැඩනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site