IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකා කඳවුරකට කිලෝ නවදාහක බෝම්බයක්

ලෝකයම වෙළාගත් ත‍්‍රස්තවාදය ටිකෙන් ටික ඒ ඒ රවල්වලින් දුරස්ව යනවා වෙනුවට තවදුරටත් එම රටවල් පීඩාවට පත්කරමින් සිටින්නේ පූරුවේ කළ කරුමයක් සේය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් එක්ව ඇෆ්ගනිස්ථානයේ තලේබාන්, අල්ක්වයිඩා ත‍්‍රස්තවාදය සහමුලින්ම විනාශ කර දැමීමට ගත් උත්සාහයේ අවසානයක් නැති බව අපට නිතර දෙවේලේ අසන්නට ලැබෙන ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීම් සිද්ධිවලින් තහවුරු වෙයි. ඉකුත් සැප්තැම්බර් 11 වැනිදාට යෙදී තිබූ ඇමෙරිකා වෙළෙඳ මධ්‍යස්ථාන ත‍්‍රස්ත ප‍්‍රහාරයේ දසවැනි සැමරුම ලොව පුරා සිටින ඇමරිකානුවන් අනුස්මරණය කරද්දී එම ප‍්‍රහාරය සිහිපත් කරමින් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ත‍්‍රස්තවාදීන් විසින් යළි වරක් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබූහ. ඒ ඉකුත් 12 වැනිදා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ පිහිටි ඇමෙරිකා හමුදා මූලස්ථානයකට පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 9000ක් රැුගත් ට‍්‍රක් රථයක් එම මූලස්ථානයේ දී පුපුරුවා හරිමින්ය. ඇමෙරිකාවේ සැප්තැම්බර් ත‍්‍රස්ත ප‍්‍රහාරය යළි සිහිකරමින් තලේබාන් ත‍්‍රස්තවාදීන් එල්ල කළ මෙම ප‍්‍රහාරය නිසා අහිංසක ඇෆ්ගන්වාසීන් දෙදෙනකුට මරු කැඳවූ අතර, බෝම්බ රැගත් ට‍්‍රක් රථය පුපුරා යාමෙන් නැගෙනහිර ඇමෙරිකා හමුදා මූලස්ථානයේ සිටි ඇමෙරිකා සෙබළු 80කට වැඩි පිිරිසක් ද මෙහිදී තුවාල ලැබූහ. අදාළ බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ ප‍්‍රදේශය ඇෆ්ගනිස්ථානයේ වර්දාන් ප‍්‍රාන්තයේ සෙයිඞ් අබාද් නමින් හඳුන්වන අතර, ආදළ ප‍්‍රදේශයේ පිහිටි සියලූම රජයේ ගොඩනැගිලි සුන්බුන් බවට පත්ව ඇතැයි ද වාර්තා වූයේය. අදාළ ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ කාබුල් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයේ දී සැප්තැම්බර් ත‍්‍රස්ත ප‍්‍රහාරයේ සැමරුම් උත්සවයක් පැවැත්වෙමින් තිබූ අතර ඊට ඇමෙරිකා සෙබළු 300කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ. එදා සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් මියගිය අපේම මව්වරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන් සිහිපත් කරන අවස්ථාවක මෙවැනි ප‍්‍රහාරයක් එල්ලවීම ඛේදනීය තත්ත්වයක් යැයි ඇමෙරිකා මැරීන් බළකායේ ජෙනරාල් ජෝන් ඇලන් පැවසීය. නැගෙනහිර ඇෆ්ගනිස්ථාන ඇමෙරිකා හමුදා මූලස්ථානයට ප‍්‍රහාර එල්ල කළ සැණින්ම තලේබාන් ත‍්‍රස්තවාදීන් එම ප‍්‍රහාරයේ වගකීම බාරගත් අතර දස දහස් ගණනක් වූ ඇෆ්ගනිස්ථාන අහිංසකවැසියන්ගේ ලේ සෙලවීම් කළ ඇමෙරිකානු යටත්විජිත වාදය අවසන් කරන තුරු සිය සටන් මෙහෙයවන බවට තලේබාන් ත‍්‍රස්තවාදීහු අවධාරණය කරති. සෑම සැප්තැම්බර් 11 වැනිදාවකම ඝාතනය වූ තම වැසියන් වෙනුවෙන් එම පළිය ගන්නා බව තලේබාන් ත‍්‍රස්තවාදීහු සපථ කරති. (ඇසෝසියේටඞ් ප්‍රෙස් ඇසුරෙනි)



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකා කඳවුරකට කිලෝ නවදාහක බෝම්බයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 726 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 892 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site