IMG-LOGO

ඇෆ්ගනිස්තානයේ හෙලිකොප්ටර් අනතුරකින් නේටෝ භටයෝ 5ක් මරුට

ජාත්‍යන්තර ආරක්ෂක සහායක බළකායට අයත් හෙලිකොප්ටර් යානයක් ඊයේ(12) දකුණුදිග ඇෆ්ගනිස්තානයේදී අනතුරට ලක්වීමෙන් එහි සිටි නේටෝ භටයෝ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
හෙලිකොප්ටරය අනතුරට ලක්ව ඇත්තේ දමාන් පළාතේදීය. අනතුරට හේතුව අයහපත් කාලගුණික තත්ත්වය බවත් ඒ මොහොත වනවිට එම ප‍්‍රදේශයේ සතුරු කි‍්‍රයාකාරකම් නොතිබූ බවත් කාබුල් හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය.
මියගිය හමුදා සෙබළුන් කුමන ජාතීන්ට අයත්දැයි මෙතෙක් හෙළි වී නොමැත. කෙසේ නමුත් දකුණුදිග ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නිරතව සිටින්නෝ ඇමෙරිකානු, බි‍්‍රතාන්‍ය සහ  ඕස්ටේ‍්‍රලියානු භටයෝය.
ඉකුත් අගෝස්තු මාසයේදී බ්ලැක් හෝක් වර්ගයට අයත් හෙලිකොප්ටරයක් අනතුරට පත් වීමෙන් ඇමෙරිකානු භටයෝ හත්දෙනෙක් ද ඇෆ්ගන් ජාතිකයන් සිව්දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ.
තලේබාන් සංවිධානය ඇතුළු අන්තවාදී සටන්කාමී කණ්ඩායම්වලට එරෙහිව සටන් වැදීම සඳහා මේ වන විට විදෙස් හමුදා භටයෝ 1,00,000 පමණ ඇෆ්ගනිස්තානයේ රැඳී සිටිති. එනිසා රට තුළ සිදු වන ගුවන්ගමන් ඉහළ අගයක් ගන්නා අතරම නිරන්තරයෙන් ගුවන්යානා අනතුරු සිදු වන බව නේටෝ ප‍්‍රකාශකයෙක් පැවැසීය.



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ හෙලිකොප්ටර් අනතුරකින් නේටෝ භටයෝ 5ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site