
උතුරුදිග ඇෆ්ගනිස්තානයේ අවමංගල්‍යයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
තුවාල ලබා රෝහල්ගත කළ ගණන 30 කි. ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් බාරගත් බව පැවැසෙයි. නවාබී මුස්ලිම් පල්ලිය අසල මෙම අවමංල්‍යය පැවැත්විණි. ඒ, මීට දින කීපයකට පෙර අයි.එස්. ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයකින් මියගිය ප්‍රාන්ත සහකාර ආණ්ඩුකාරවර නිසාර් අහ්මද් අහ්මාදි වෙනුවෙන් යැයි ඇෆ්ගන් තලේබාන් රජය වැඩි දුරටත් කියා සිටියේය.
ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්. ත්‍රස්තවාදීන් ඇෆ්ගන් තලේබාන් රජයට ද තර්ජනයකි. ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ 2021 අගෝස්තුවේය. ඉන්පසු තලේබාන්වරු රජයක් පිහිටුවා ෂරියා නීතිය ක්‍රියාත්මක කළේය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්තානයේ බෝම්බයක් පිපිරී 11 ක් මරුට