IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් කොන්සල් කාර්යාලයට ප‍්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ හේරත් ප‍්‍රාන්තයේ, ඇමෙරිකන් කොන්සල් කාර්යාලයට ඊයේ (13) ආයුධ සන්නද්ධ පිරිසක් කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වූයේය. 18 දෙනෙක් තුවාල ලැබූහ.

ජීවිතක්ෂයට පත්වූයේ ඇෆ්ගන් හමුදා නිලධාරියෙකි.  ප‍්‍රහාරය එල්ල වූයේ, කොන්සල් කාර්යාලය ඉදිරිපිට ට‍්‍රක් රථ බෝම්බයක් පුපුරා යෑමත් සමඟය.
එය ඉතා සැලැසුම්සහගත ප‍්‍රහාරයක් බවත්, ප‍්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ සාමාජිකයන් 15 දෙනකු පැමිණ ඇති බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශ කියා සිටී.
ප‍්‍රහාරයෙන් පසු, ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා මාරී හාර්ෆ් කීවේ ප‍්‍රහාරයෙන් ඇමෙරිකන් නිලධාරීන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බවය.

ප‍්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බාර ගත්තේ ප‍්‍රහාරය සිදුවී පැයක් ගතවීමට ද පෙරය. ප‍්‍රහාරය සඳහා තුවක්කුකරුවන්ට අමතරව මරාගෙන මැරෙන බෝම්බකරුවෝ දෙදෙනෙක් ද පැමිණයහ.

තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි ප‍්‍රකාශක කාරී යූසොෆායී අහ්මාදී කියා සිටියේ ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් සහ ඇමෙරිකන් නිලධාරීන් කිහිප දෙනකු තුවාල ලැබූ බවය. බෝම්බ පිපිරීම නිසා කොන්සල් කාර්යාල ගොඩනැගිල්ලට බරපතල හානි සිදුවී ඇතැයි ප‍්‍රකාශිකා මාරී හාර්ෆ් කියා සිටී.

සන්නද්ධ පිරිස කොන්සල් කාර්යාලයට කඩා වැදී වෙඩි තැබීම ආරම්භ කළ අවස්ථාවේදී, එහි සිටි ඇමෙරිකන් සෙබළුන් මෙන්ම ඇෆ්ගන් හමුදා සෙබළුන් ද ඔවුන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇත. එම ප‍්‍රතිප‍්‍රහාර හමුවේ සන්නද්ධ පිරිස පලාගිය බවද වාර්තාවේ.

 



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් කොන්සල් කාර්යාලයට ප‍්‍රහාරයක්

දම්මික පෙරේරා Monday, 16 September 2013 03:39 PM

මේ තියෙන්නේ ඇමරිකන් සහ යුරෝපිය සාම කලාපයේ තවත් වැඩක් . ඉල්ලන් කනවා කියන්නේ මේකට (ස)

:       0       0

ශ්‍රීලාල් Monday, 16 September 2013 03:53 AM

දැන් අවශ්‍ය දේ වෙලා අවසන් නිසා නැවත තමන්ගේ රටට ගියානම් ඉවරයිනේ. (නි)

:       0       0

අතුල බ - කටාර් Saturday, 14 September 2013 07:40 PM

මරුනේ ඔහොම යන් අපට කරන දේවල් ඔහොම වෙලා මදී.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site