IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කිරීම කඩිනම් වෙයි

ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකා සහ නේටෝ හමුදා ඉවත් කිරීම කඩිනම් කළ බවත්, ලබන අගෝස්තු 31 වැනිදා වනවිට එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කරයි.

ජෝ බයිඩන් මීට පෙර පවසා තිබුණේ ඇමෙරිකා සහ නේටෝ හමුදා මෙම වසරේ සැප්තැම්බර් 11 වැනිදාට පෙර ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගන්නා බවය. කෙසේ නමුත්, එම දිනය අගෝස්තු 31 ට වෙනස් කිරීමට බයිඩන් තීරණය කර තිබේ.

'ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සහ තලේබාන් ත්‍රස්ත සංවිධානයට එරෙහිව සටන් කරන්නයි. බින් ලාඩන් මරා දැමීමට අපට හැකිවුණා. මෙහෙයුම සාර්ථකයි. දැන් අප ඇෆ්ගනිස්තානයෙන් සොල්දාදුවන් ගෙන්වා ගන්නවා. එය අප කළ යුතුයි. අප ඇෆ්ගනිස්තානයට ගියේ ඇෆ්ගනිස්තානය ගොඩ නගන්න නොවෙයි. ඒක අපට අයිති දෙයක් නොවෙයි. කෙසේ නමුත් ඇෆ්ගන් රජයට සහ සිවිල් වැසියන්ට ඇමෙරිකාව ලබා දෙන ආධාර කිසිම අවස්ථාවක අඩු කරන්නේ නැහැ' යැයි සෙබළුන් ගෙන්වා ගැනීම කඩිනම් කරන බව පවසමින් ජනාධිපති බයිඩන් පැහැදිලි කළේය.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටව ගියහොත් තලේබාන් ත්‍රස්ත සංවිධානය එරට බලය අත්පත්කර ගනීවි යැයි බියක් හටගෙන ඇත. මේ වනවිටත් ඇෆ්ගනිස්තානයේ පළාත් සහ නගර තලේබාන් ග්‍රහණයට නතුවන බව වාර්තා වේ. ඔසාමා බින් ලාඩන් මරා දැමීමෙන් පසු අඩපණ වූ අල් කයිඩාවත්, අයි.එඑස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයත් ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් සමඟ එක්වී සිටින බව ද පැවැසෙයි.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවි යන්නේ, විදේශ මැදිහත් වී පිහිටවූ ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානයේ දේශපාලනික අංශය අතරේ සාම සැලැස්මක් ඇති කිරීමෙන් ද පසුවය.

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩා ත්‍රස්තවාදීහු ඇමෙරිකන් මගී ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට ප්‍රහාරයක් එල්ල කළහ. ප්‍රහාරය එල්ල කළේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මෙහෙයවීමෙනි.

එම ප්‍රහාරයෙන් පසු අල් කයිඩා නායකයා ඇෆ්ගනිස්තානයේ සැගවුණේ, ඇෆ්ගනිස්තානය පාලනය කළ තලේබාන්වරුන්ගේ රජයේ ආරක්ෂාව ලබා ගනිමිනි. ඇමෙරිකාව, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව ද සමඟ තලේබාන් පාලනය පෙරලා දමා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ඒ අනුවය.

තලේබාන් සාමාජිකයන් අවි අතට ගනිමින් ඇමෙරිකාවට එරෙහිව සටන් වදින්න විය. වසර 20 ක් තිස්සේ ඔඩුදුවන්න වූයේ මෙම යුද්ධයයි. ඇමෙරිකන් බුද්ධි අංශ සහ හමුදාව එක් වී, පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේ සැඟවී ජීවත් වුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා ඝාතනය කළේ 2011 වසරේදීය.

2009-2017 ඔබාමා පරිපාලන සමයේදී ඇෆ්ගනිස්තානයේ සංග්‍රාම අවසන් කරමින් ඇමෙරිකන් සොල්දාදුවන් ගෙන්වා ගැනීම සිදුවිය. ඔබාමා ජනාධපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝ බයිඩන්ය.

ඉන්පසු ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සොල්දාදුවන් 3,000 ක් රඳවා තැබුණි. ඒ, ආරක්ෂක උපදේශකවරුන් ලෙසය. සෙසු නේටෝ රටවල හමුදා සොල්දාදුවන් ද සමඟ එක් වී, ඔවුන් ඇෆ්ගන් හමුදා පුහුණු කළේය. අගෝස්තු 31 ට පෙර ගෙන්වා ගැනීම සිදුවන්නේ මෙම සොල්දුදාවන්ය. සෙසු නේටෝ රටවල් ද ඔවුන්ගේ හමුදා සොල්දාදුවන් ආපසු ගෙන්වා ගැනීම ද ආරම්භ කර තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් තවදුරටත් ඇෆ්ගනිස්තානයේ නොමැති බවය.

(රොයිටර්)



අදහස් (0)

ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කිරීම කඩිනම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site