දේශසීමා හරහා ඇෆ්ගනිස්තානයට ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ඇෆ්ගන් රජය පාකිස්තාන රජයට ඊයේ (23) අනතුරු ඇඟවීමක් කළේය. ඇෆ්ගන් රජය එම අනතුරු ඇඟවීම කළේ පාකිස්තාන හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියන් පස් දෙනකු පෙරේදා (22) ඝාතනය වීම හේතුවෙනි. ඇෆ්ගන් රජය පවසන්නේ ඉකුත් සිකුරාදා (20) සහ සෙනසුරාදා (21) බර අවි යොදා ගෙන පාකිස්තාන හමුදා ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කුනාර් ප‍්‍රාන්තයේ ඩන්ගම් දිස්ති‍්‍රක්කයට පහර දුන් බව.පසුගිය මාසයේ ද පාකිස්තාන හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාර හේතුවෙන් කුනාර් ප‍්‍රාන්තයේ ගම්මාන කිහිපයක වැසියන්ට ගම්බිම් අතහැර යෑමට සිදුවිය. දේශසීමා ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇෆ්ගන් නියෝජ්‍ය විදේශ ඇමැති ජාවඞ් ලූඩින් පාකිස්තානයේ කාබුල් අගනුවර සිටින පාකිස්තාන තානාපතිවරයා කැඳවා එම ප‍්‍රහාර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇෆ්ගනිස්තානයට පහරදීමෙන් වළකින්නැයි පාකිස්තාන රජයට අනතුරු ඇඟවීමක්
සිසිර Tuesday, 24 July 2012 03:54 PM
කාබුල් කියන්නේ ඇෆ්ඝනිස්ථානයේ අගනුවරයි. (නි)
රමේෂ් Tuesday, 24 July 2012 04:49 PM
ඇමරිකාවට පකිස්තානයට ගහන්න බෑ....ඒ නිසා ඇෆ්ගනිස්තානය ලවා යුද්ධයකට ලේස්ති වෙනවා.....මේවා ඊස්‍රායලයේ වැඩ....(ස)
මධූ Tuesday, 24 July 2012 12:37 PM
ඇමරිකාවේ මොන මොනවා හරි ඇති. ඒකයි සද්දේ...... (ස)
දයා Wednesday, 25 July 2012 10:21 AM
ඇමරිකාවට පකිස්තානයට ගහන්න බෑ.... ගැහුවොත් එදා ට තමා ඇමෙරිකාව පාඩමක් ඉගෙනගන්නෙ... පුලුවන්නම් ගහල බලන්න කියන්න....(ස)