(බී බී සී පුවත් ඇසුරිණි - 085)
විශාල ඇස්ටරොයිඩයක් උපද්‍රවයකින් තොරව පෘථිවිය ආසන්නයෙන් ගමන් කර ඇතැයි නාසා ආයතනය පවසයි. කිලෝමීටරයක් තරම් පලළින් යුතු මෙය ජිබ්‍රාල්ටා පර්වතය තරම් විශාල බවත් හැඩයෙන් රටකජු ඇටයකට සමාන බවත් නිරීක්ෂණය කර ඇත.
2014ජේඕ25 ලෙස නම් කර ඇති මෙම ඇස්ටරොයිඩය 2004 වර්ෂයෙන් පසු පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ විශාලම ඇස්ටරොයිඩයයි. පසුගිය බදාදා රාත්‍රියේ මෙම ග්‍රහකය පැහැදිලිවම දර්ශනය වී ඇති අතර පෘථිවියට කිලෝමීටර් මිලියන 1.8 ක දුරින් ගමන් කර ඇත.
කැලිෆෝනියා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයන්ට අනුව මෙය පැය පහකට වරක් භ්‍රමණය වේ. මෙතරම් විශාල ඇස්ටරොයිඩයක් නැවතත් පෘථිවිය ආසන්නයට පැමිණෙන්නේ 2027 වර්ෂයේදී බවත් නාසා ආයතනය සඳහන් කරයි.


2025 නොවැම්බර් මස 04
678
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2346
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1727
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇස්ටරොයිඩයක් පෘථිවිය ආසනන්යෙන් ගමන් කරයි
madu Friday, 21 April 2017 02:34 AM
මේ ඇස්ටරොයිඩයක් එක පෘථිවියට ඉක්මනට වටුනන් ඔක්කොම ප්‍රශ්න හරියනවනේ