IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇල්බේනියාවේ ටික්ටොක් තහනම්

ඇල්බේනියාවේ TikTok තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇත. ඒ වසරක කාලයක් සඳහාය.

TikTok සමාජ මාධ්‍ය හරහා කුඩා දරුවන්ට එල්ල වී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් වසරක කාලයක් TikTok තහනම් කරන බව රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම තහනම ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ වන බව ද එම නිවේදනයෙක් වැඩි දුරටත් සඳහන් වෙයි.

මෙම තහනමට හේතු වී ඇත්තේ, ඇල්බේනියාවේ පාසලක TikTok මුල් කොට ගනිමින්, 14 හැවිරිදි සිසුවකුට සිදුකළ පිහි ඇනුම් සිද්ධියකි. එම පිහි ප්‍රහාරයෙන් දරුවා මියගියේය.

කෙසේ නමුත්, TikTok තහනම පිළිබඳව ඇල්බේනියානු රජයෙන් පුළුල් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බව TikTok ජාලය ඉල්ලීමක් කර ඇත.

මියගිය එම 14 හැවිරිදි පාසල් සිසුවාට හෝ පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තාට, TikTok ගිණුම් තිබූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව සමාගම පෙන්වා දී ඇත.



අදහස් (0)

ඇල්බේනියාවේ ටික්ටොක් තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site