
ඇමෙරිකා අභ්‍යවකාශ තරණයේ පුරෝගාමියකු ලෙස ඇමෙරිකානුවන්ගේ ගෞරවාදරය දිනූ ගගනගාමී ඇලන් ෂෙපර්ඩ් (1923-1998) ගේ වැඩිමහල් දියණිය ලෝරා ෂෙපර්ඩ්, බ්ලූ ඔරිජින් සමාගම සමග අභ්‍යවකාශ සංචාරයකට එක්වූවාය.
ලෝරා ෂෙපර්ඩ් 74 හැවිරිදි වියෙහි පසුවෙයි. බ්ලූ ඔරිජින් යනු ඇමෙරිකන් බිලියනපති ජෙෆ් බේසෝස්ගේ ගගන සංචාර වැඩසටහනය. අතමිට සරු ඕනෑම අයකුට බ්ලූ ඔරිජින් රොකට්ටුවක සහ ගගන කැප්සියුලයක ආධාරයෙන් පෘථිවි කක්ෂය අද්දරට ගොස් ආපසු පැමිණිය හැකිය. මෙය මිනිත්තු කීපයක අපූරු අත්දැකීමකි.
ලෝරා ෂෙපර්ඩ් සමග තවත් පස් දෙනෙක් මෙම ගගන සංචාරයට එක් වී කිලෝ මීටර් 106 ක් ඉහළට ගොස් ආපසු පැරෂූට් ආධාරයෙන් පොළොවට පැමිණියහ.
ඇලන් ෂෙපර්ඩ් ඇමෙරිකාව නියෝජකය කරමින් අභ්‍යවකාශයට ගිය දෙවැනියාය. ඔහු එම වික්‍රමය කළේ මීට අවුරුදු 60 ක පෙරය. ඒ වනවිට ලෝරා ෂෙපර්ඩ් පාසල් දැරියකි.
(සී.එන්.එන්.)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇලන් ෂෙපර්ඩ්ගේ දියණියත් අභ්‍යවකාශයට