IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇල්ජීරියා බලශක්ති බලාගාරය සටන්කාමීන්ගේ ග‍්‍රහණයෙන් මුදාගැනේ

සිවු දිනක් තිස්සේ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ පැවැති ස්වාභාවික වායු බලාගාරය යළි තම ග‍්‍රහණයට නතු කර ගැනීමට ඇල්ජීරියානු හමුදාව ඊයේ (20) සමත් වූ අතර ඔවුන් එල්ල කළ  ප‍්‍රහාරවලින් සටන්කාමීන්ගේ ප‍්‍රාණඇපයේ සිටි විදේශිකයෝ ද ඇතුළු 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඇල්ජීරියා රජය පවසා ඇත්තේ හමුදාව එල්ල කළ අවසන් ප‍්‍රහාරයෙන් ඉස්ලාමීය සටන්කාමී නායක අබ්දුල් රහමෙන් අල් නයිජීරී ජීවිතක්ෂයට පත් වූ බවය. අබ්දුල් රහමෙන් නයිජීරියානු ජාතික ඉස්ලාමීය සටන්කාමියෙකි.
සටන්කාමීන් ‘ටිගැන්ටුරීන්’ නමැති එම ස්වභාවික වායු බලාගාරය වටලා ඊට කඩා වැදී එහි සිටි සේවකයන් ප‍්‍රාණ ඇපයට ගත්තේ ඉකුත් 16 වැනිදාය.
එම බලශක්ති බලාගාරය පිහිටා ඇත්තේ උතුරු අපි‍්‍රකානු රාජ්‍යයක් වන ඇල්ජීරියාවේ ආමේනාස් නගරයට නුදුරිනි.
ඇල්ජීරියා රජය එම ස්වාභාවික වායු බලාගාරය පවත්වාගෙන යන්නේ බි‍්‍රතාන්‍යයේ ‘බි‍්‍රටිෂ් පෙට්රෝලියම්’ සමාගම නෝර්වේ රාජ්‍යයේ ස්ටැටොයිල් සමාගම සහ ඇල්ජීරියාවේ සොනට‍්‍රැච් තෙල් සමාගම සමඟ ඒකාබද්ධවය.
කාන්තාර ප‍්‍රදේශයක විශාල භූමි ප‍්‍රදේශයක පිහිටි මෙම බලශක්ති බලාගාරයේ ඇල්ජීරියානු, බි‍්‍රතාන්‍ය සහ නෝර්වේ ජාතිකයන්ට අමතරව ඇමෙරිකානු, ප‍්‍රංශ සහ ජපාන සේවකයෝ, ඉන්ජිනේරුවෝ සහ තාක්ෂණවේදීහු සේවය කරති. බලාගාරය පිහිටා ඇත්තේ නැඟෙනහිර ඇල්ජීරියාවේ ලිබියානු දේශසීමාවට නුදුරිනි.
කෙසේ නමුත් සිවු දිනක් තිස්සේ පැවැති ගැටුම් ඊයේ (20) අවසන් වෙද්දී, ප‍්‍රාණ ඇපයේ සිටි විදේශීය සේවකයන් 107 දෙනකු සහ ඇල්ජීරියානු ජාතික සේවකයන් 685 දෙනකු දිවි බේරා ගැනීමට සමත් වූ බව ඇල්ජීරියානු රජය නිවේදනය කරයි.

 



අදහස් (0)

ඇල්ජීරියා බලශක්ති බලාගාරය සටන්කාමීන්ගේ ග‍්‍රහණයෙන් මුදාගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site