ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින්ම විශ්වාස කරයි. ට්‍රම්ප්ගේ ජය තහවුරු කලේ, ට්‍රම්ප්ගේ එම ‘විශ්වාසය’, ඇමෙරිකානුන් ද විශ්වාස කළ බැවිනි. දිවුරුම් දී, රාජකාරි ආරම්භ කළ සැණින්, එක පෑන් පහරක අත්සනකින්, ට්‍රම්ප් දිගට හරහට විධායක නියෝග නිකුත් කිරීම ඇරඹීය. එවැනි එක් විධායක නියෝගයක් වන්නේ, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය හෙවත් USAID සඳහා පැනවූ තහංචියයි.
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය හෙවත් USAID පිහිටවනු ලැබුවේ ඇමෙරිකන් ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි විසිනි. ඒ, 1961 වසරේ, ඇමෙරිකාවේ විදෙස් ප්‍රතිපත්ති පනතට අනුවය. USAID ඒජන්සියේ අරමුණ, ඇමෙරිකාවට උපාය මාර්ගික වශයෙන් වැදගත් විදේශවලට ආධාර ලබා දීමය. ලෝක බලවතා ලෙස ඇමෙරිකාවට තම බලය පෙන්වමින්, ලෝකය යහපත් තැනක් කිරීම, දිළිඳුකම පිටුදැකීම, ලෙඩ රෝග තුරන් කිරීම සහ ලෝක සාමය පවත්වාගෙන යෑම USAID ඒජන්සියේ අරමුණය. USAID ඒජන්සිය ක්‍රියාත්මක වන්නේ විදේශවල රාජ්‍ය නොවන සංවිධාන හෙවත් NGO හරහාය. ගනුදෙනු සිදුවන්නේ USAID නිලධාරීන් සහ NGO නිලධාරීන් අතරේය.
එක්සත් ජනපද රජයේ ප්‍රධාන විදේශ සංවර්ධන ද වන USAID ඒජන්සියේ අරමුණ යහපත් නම්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, USAID තහනම් කිරීමට නියෝග කළේ ඇයි? ට්‍රම්ප්ට අනුව, USAID ඒජන්සිය, ‘විකාරරූපී’ ව්‍යාපෘති සඳහා අරමුදල් සහ මුදල් යොදවා ඇත. USAID ඒජන්සියට අනුයුක්තව සේවය කරන ගණන 10,000 කි. ඔවුන්ගෙන් තුනෙන් දෙකක පිරිසක් රටවල් 100 කට වැඩි ගණනක විවිධාකාරයේ ව්‍යාපෘති සහ සේවාවලට සම්බන්ධ වී කටයුතු කරමින් සිටි අතර, ට්‍රම්ප් තීරණය කර ඇත්තේ ඔවුන්ගෙන් 2,200 ක පිරිසක් නිවාඩු යැවීමටය. ඊට අමතරව, 10,000 ක් වන USAID කාර්ය මණ්ඩලය, 294 කට සීමා කිරීමට ද ට්‍රම්ප් සූදානම් වෙයි.
USAID සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලන මෙම තීන්දු තීරණ ගත්තේ, ට්‍රම්ප්ගේ පරිපාලනයට සම්බන්ධ වී සිටින, ට්‍රම්ප් හිතවාදී, ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් ඉදිරිපත් කළ නිර්දේශ සැලකිල්ලට ගනිමිනි. ට්‍රම්ප් ඉලොන් මක්ස්ට පවරා ඇත්තේ, ඇමෙරිකානුවන්ට මුල් තැන දෙමින්, රජයේ අනවශ්‍ය වියදම් සිදුවන්නේ නම්, ඒවා සොයා බලා, ඒවා කප්පාදු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමටය. ඒ, ඇමෙරිකාවේ රාජය යාන්ත්‍රණය තවත් ශක්තිමත් කිරීමටය.
“ඉලොන් මස්ක්ට තනිවම තීන්දු තීරණ ගන්න බැහැ. මා ඔහු පත් කර තිබෙන්නේ අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමටයි. ඔහු ලොව අංක එකේ බිලියනපතියා. ඒවාගේමයි අංක එකේ සමාගම් රැසක ප්‍රධානියෙක්. ඔහු එම කටයුතුවලට දක්ෂයෙක්. ඔහු මොනවා නිර්දේශ කළත් අවසන් තීන්දුව ගන්නේ අපි. අපේ පරිපාලනය. ඔහුගේ නිර්දේශ සාධාරණයි වගේ පෙනෙන්වා නම්, අප ඒවා ක්‍රියාවට නංවනවා.” යැයි ට්‍රම්ප්, ඉලොන් මස්ස්ගේ කාර්යභාරය පැහැදිලි කර ඇත.
ට්‍රම්ප්ට අනුව, USAID ඒජන්සිය, ඇමෙරිකානුවන්ගේ බදු මුදල් යොදවා කළ ‘විකාරරූපී’ ව්‍යාපෘති මොනවද? එම ව්‍යාපෘතිවලින් එකක් අප රටට ද සම්බන්ධ බව අමුතුවෙන් කිව යුතු නැත. USAID ඒජන්සියේ ‘විකාරරූපී’ ව්‍යාපෘති ලෙස ට්‍රම්ප් අර්ථ කථනය කරන බොහෝ ව්‍යාපෘති සමරිසි පුද්ගලයන් සහ ලිංගික සංක්‍රාන්තියට ලක්වූවන් හා සම්බන්ධ වෙයි. ඇමෙරිකන් ජනාධිපති ධුරයේ දෙවැනි වර දිවුරුම් දුන් සැණින් ට්‍රම්ප් පැවැසුවේ, ‘මින් ඉදිරියට ඇමෙරිකාවේ සිටින්නේ ගැහැනු සහ පිරිමි පමණයි’ යනුවෙනි. එමෙන්ම ලිංගික සංක්‍රාන්තියට ලක්වුණු පිරිමින්, ඇමෙරිකාවේ කිසිදු කාන්තා ක්‍රීඩා ඉසව්වලට සම්බන්ධ විය නොහැකි අයුරින් ද ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කළේ, පසුගිය දා ධවල මන්දිරයට එක් රොක් යුණු තරුණ ගැහැනු ළමයින් රැසක් පිරිවරාගෙනය.
USAID ඒජන්සියේ ‘විකාරරූපී’ යැයි පැවැසෙන, වඩාත් කතාබහට ලක්වුණු ව්‍යාපෘති කීපයක් මෙසේය.
ලිංගික සංක්‍රාන්තිකයන් සහ සමරිසි පුද්ගලයන්ගේ අයිතීන් සුරැකීමට අමතරව, USAID ඒජන්සියේ ‘විකාරරූපී’ යැයි පැවසෙන ව්‍යාපෘති කීපයක් මෙසේය.
කෙසේ නමුත්, ඊයේ (8) වනවිට, USAID සම්බන්ධයෙන්, ට්‍රම්ප් නිකුත් කළ එම විධායක නියෝගයට ඇමෙරිකන් අධිකරණයක් හරස් විය. USAID කාර්ය මණ්ඩලයට නිවාඩු ලබා දීමට ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කෙරුණි. ට්‍රම්ප්ගේ තීරණය අභියෝගයට ලක් කරමින්, ඇමෛරිකන් වෘත්තීය සමිති විසින් ගොනු කරන ලද නඩුවක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තාවකාලික තහනම් පැනවීම සිදුවුණි.
සී.එන්.එන් ඇසුරිනි
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකානුවන්ගේ බදු මුදල් ගිල්ල USAID
SAM Monday, 10 February 2025 07:40 AM
USAID යනු සහනාධාර ලබාදීමට පමණක් පිහිටුවා ගත් ආයතනයක් නොවේ.