IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇමෙරිකන් තරුණිය ඕස්ට්‍රේලියාවේ උදහසට

ඕස්ට්‍රේලියාවේ සංචාරය කරමින් සිටිද්දී, ඇමෙරිකන් යූ ටියුබ් නිවේදිකාවක (Influencer) කළ නොමනා ක්‍රියාවක් හේතුවෙන් ඕස්ට්‍රේලියා රජයෙන් ඇයට දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර, ඇයට යළි කිසිදු දිනක ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි බව ද ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත.

සෑම් ජෝන් නමැති මෙම තැනැත්තිය, ඕස්ට්‍රේලියාවේ වනගත ප්‍රදේශයක යමින් සිටිද්දී, මාර්ග අසල වොම්බැට් මවක සහ පැටවකු සිටිනු දැක වහා දිවගොස් වොම්බැට් පැටියා ඔසවාගෙන ඇය ගමන් කරමින් සිටි මෝටර් රථය වෙත පැමි‍ණෙයි.

රූගත කළ මෙම සිද්ධිය, සෑම් ජෝන් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබුණ ද ඕස්ට්‍රේලියා රජයෙන් එල්ල වුණු විරෝධය හේතුවෙන්, එම වීඩියෝව පසුව මකා දැමුණි.

ඕසේට්‍ර්ලියාවට පමණක් ආවේණික සත්වයකු වන වොම්බැට්, ආරක්ෂිත සත්වයෙකු ලෙස ද සැලකෙයි. කුඩා වොම්බැට් පැටවු

සැමවිටම මවට සමීපයෙන් මවගේ රැකවරණ යටතේ පසුවෙති. වොම්බැට් පැටවා මවගෙන් වෙන් කිරීම බරපතල වරදක් ලෙස ඕස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසයයි. වොම්බැට් යනු කුඩා කෝලා වලසකු තරම් සත්වයෙකි. කෝලා ද වොම්බැට් සේම, ඕස්ට්‍රේලියාවට ආවේණික සත්වයෙකි.

ඕස්ට්‍රේලියා රජයෙන් රජයෙන් එල්ල වුණු විරෝධය සම්බන්ධයෙන් යළි ඇමෙරිකනාව බලා පැමිණ සිටින සෑම් ජෝන්ස් සිය දැඩි කනගාටුව පළ කර ඇති අතර, ඇය ඇගේ ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි ලෙස පසුතැවෙන බව ද පවසා ඇත.

තමන් පාර අයිනේ සිටි පැටවා වඩා ගෙන ආවේ එම පැටවාට අනතුරක් සිදුවී ඇතැයි අනුමාන කළ බැවින් බවත් තමන්ගේ ක්‍රියාව වරදක් බව තමන් පිළිගන්නා බවත් ජෝන්ස් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(සී.එන්. එන්.)



අදහස් (0)

ඇමෙරිකන් තරුණිය ඕස්ට්‍රේලියාවේ උදහසට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site