IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමෙරිකන් ක්‍රීඩිකාව රුසියාවේ හිරේ

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රුසියාව තුලට රැගෙන ඒමට තැත් කිරීම සම්බන්ධයෙන් වැරදිකාරිය වූ ඇමෙරිකන් කාන්තා බාස්කට් බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකා 31 හැවිරිදි බ්‍රිට්නි ග්‍රිනර් හට වසර 9 මාස 6 ක සිර දඬුවමක් සහ රුසියානු රූබල් මිලියනයක දඩයක් රුසියානු අධිකරණයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියාවේ තහනම් කරන ලද හෑෂ් ඔයිල් කාට්‍රිජ බ්‍රිට්නි ග්‍රිනර් ගමන් මල්ලේ තිබීම නිසා රුසියානු ගුවන් තොටුපොලකදී ඉකුත් පෙබරවාරි 17 වැනිදා රුසියානු බලධාරීන් ඇය අත්අඩංගුවට ගත්තේය.

නඩු විභාගයේදී බ්‍රිට්නි ග්‍රිනර් වරද පිළිගත් අතර හඬා වැටෙමින් ඇය පවසා ඇත්තේ හෑෂ් ඔයිල් කාට්‍රිජ තමන් කලබලයෙන් ගමන් මලු සූදානම් කරගන්නා අවස්ථාවේ අහඹු ලෙස දමා ගත් බවයි.එය තමන් සිතාමතා කල දෙයක් නොවන බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

රුසියාවේදී හෑෂ් ඔයිල් කාට්‍රිජ ළගා තබා ගැනීමේ වරදට දිය හැකි උපරිම දඬුවම අවුරුදු 10 ක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බ්‍රිට්නි ග්‍රිනර් අයුක්ති සහගත ලෙස සිරගත කර ඇතැයි ඇමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ අතර රුසියානු බලධාරීන් පැවසුවේ නීතිය කාටත් එක හා සමාන බවයි.

ඇනා සොට්නිකෝවා විනිසුරුවරිය බ්‍රිට්නි ග්‍රිනර් දඬුවම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකන් ක්‍රීඩිකාව රුසියාවේ හිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site